Tuesday, December 26, 2023

දිඟුදුර මෙහෙයුම් ඉතිහාසයේ ප්‍රථම අප්‍රකට ගලවා ගැනීමේ ක්‍රියාන්විතය.

වේළුපිල්ලේ ප්‍රභාකරන් ඇතුළු කොටිනායකයන් ගේ ජිවිතය සොයා ගිය ගමන් මග වෙනස් කල අවසන් පැය විසි දෙක.......

ඉරණම් ගමන වෙනස් කල දිනය ඇරඹෙයි...

වර්ෂ දෙදහස් එක නොවැම්බර් දහනව වන දින තිස්වැනි පැයෙන් ඇරඹුම.

වේලාව අළුයම හයේ පැය සටහන් වෙද්දී කපිතාන් උදේෂ් රත්නායක සිය කන්ඩායම ඔහු සමිපයට කැඳවන විටත් පෙර දින ගමන අරඹන විට පැවති වර්ෂාව ඒ ආකරයෙන්ම ඇද හැලෙමින් තිබුනි. ඉඳ හිට පලාතම ආලෝකමත් කරමින් පිපිරී යන අකුණු සැරයට පෙර පැමිනෙන නිල් පැහැති ආලෝකයෙන් ඉදිරියෙන් දෙගුන වූ බරක් සහිතව මදක් ඉදිරියට බරව ගමන් ගන්නා සගයන්ගේ රුව පෙනි නොපෙනී යන්නේය. මෙම වැහි අඳුර මෙන්ම එක දිගට ඇද හැලෙන වර්ෂාව නිසාවෙන් ගලා යන ජලයෙන් පොලොව තෙත බරිතව එරෙන ස්වභාවයක් ගත්තද ඇද වැටෙන වර්ෂාව මත පොලොවේ සටහන් වන පාද සළකුණු ඒ සැනින් තදින් වැටෙනා වර්ෂා ජලය මත සැඟව යන්නේය.

1625 පැය වනවිට මොවුන් අත හැර දමන ලද හමුදා කඳවුරක් වෙත ලඟා වෙන්නට විය. මෙය නොනවතින රැල්ල ත්‍රස්ථවාදින්ගේ ආක්‍රමණික මෙහෙයුම් මාලාව තෙක් ශ්‍රී ලංකා ආරක්ෂක හමුදාව විසින් පවත්වාගෙන යන ලද කඳවුරක් වූ අතර, එම ප්‍රහාර මාලාවේදි සිදුවූ වූ ජිවිත දේපල හානි සමග අපගේ ආරක්ෂක අංශ සාමාජිකයින්ගේ රුහිරයෙන් තෙත්වුන එහි මැකියමින් දිරාපත්වෙමින් තිබුන හමුදා ආයිත්තම් අතර බංකරයක දිරායමින් තිබුන ගිලන් මැස්සක් දකින්නට ගුණසේකර විසින් සිය පාදයෙහි එයට තට්ටුවක් දමමින් එය මතින් මෑත්වූ අතර  දිරාපත්වූ වැටවල් අතර තැන තැන දමා තිබුන බාබ් වයර් (concetina role ) වසාගෙන කෑලෑවැල් වැසී පැතිර තිබූ නිසාවෙන් ඒවා වෙනස් නොකර එහි වන හිඩැස් අතරින් ඉදිරියට ඇදෙද්දී මදක් විමසිලිමත් වීමට කපිතාන් උශේශ රත්නායක සිය සගයන් හට පැවසන්න විය. ඒ ඔවුන්ගේ සැලසුම සකස් කිරීමේදී එයට අනුව මේ අවට ගුවන් හමුදාවෙන් දමන ලද බිම් වෙඩි කෙතක් පිළිබඳව වූ සඳහන හා එයට ආසන්නයේ කිලෝ මීටර දෙකක් පමණ නැගෙනහිරින් වන සිවිල් වැසියන් වාසය කරන පෙරියමඩු නම් ගමක් හා මිටර් පන්සියයක් දෙපසින් පිහිටි ත්‍රස්ථවාදින්ගේ කඳවුරක් ගැන වූ බුද්ධි අංශ තොරතුරු නිසාවෙනි.මොවුන් මේ ගමන් කරන්නේ ඒ හිඩැස,අතරිනි.

ඉදිරියෙන් කිලෝමීටර් දෙකක් පමණ උතුරු දෙසින් නැගෙනහිර හා බටහිර දිශාවන් යාකරමින් දිවෙන මාර්ගය ත්‍රස්ථ හෝ සිවිල් වැසියන්ගේ ක්‍රියාකාරකම් වලින් සමන්විත දැයි වන සැක සහිත බව නිසාවෙන් ඒ මත මදක් රැඳිසිට එය තරනය කරමින් තවත් කිලෝමිටර් කිහිපයක් ඉදිරියට ගොස් රාත්‍රී ලැගුම් ගැනීම තෝරා ගැනීම මේ කණ්ඩායම් නායකයාගේ අරමුණ නිසාවෙන් අනවශ්‍ය කල් ගැනිම් වලට ඔහුගේ කැමැත්තක් නොවිය.

මාර්ගය ආසන්නයට මීටර් විස්සක් පමණ වන්නට වනතුරු කෑලෑබද ප්‍රදේශය වූ අතර එතැන් සිට මාර්ගය දක්වා කෑලය එලිපෙහෙලි කර තිබුනි. කන්ඩායමේ දෙදෙනා බැගින් මාර්ගයට සමාන්තරව මීටර් සියයක් පමණ දෙපසට සෙසු සාමාජිකයන් ඉදිරියත් පසුපසත් බලාගෙන ස්ථානගත වූයේ මාර්ගය පසුකර යෑම සඳහා ආරක්ෂිතද යන්න දැනගැනීම සඳහයි. මේ කාල සීමාවේදී මිනිසුන් පුරවාගත් ලේලන්ඩ් ලොරි කිහිපයක් මාර්ගයේ දෙපසට ගමන් ගන්නා බව නිරික්ෂනය කිරීම මත පෙරියමඩු ගම්මානය ජනාකීර්ණ තත්වයෙන් ඇතිබවට ඔවුන්ගේ වූ නිගමනයකට පැමිනෙන්න මොවුන්ට හැකිවූයේ ඔවුන් අනෙක් කණ්ඩායම් වලින් වෙන්වී ගෙවුන සැලසුම් කිරීමේ අධියරේදී පෙර විමර්ෂන වාර්ථා හා බුද්ධි අංශ වෙතින් ලබාගත් බුද්ධි තොරතුරු නිවැරදි බවට තහවුරු කරමිනි.

1725 පැය (තිස් අටවැනි පැය.)

-----------------------------------------------

ගම්මානයට මදක් මෑතින් ලොරි රථයක් පනගන්වන හඬ හා එහි වැකුම් පද්ධතිය යථා තත්වයට ගෙන ඒමට එන්ජිම රේස් කරමින් තබාගෙන සිටින හඬ අසමින් තවදුරටත් විමසිමත් වූයේ කිනම් මොහොතක හෝ එම ලොරි රථයද මාර්ගයේ ඔවුන් දෙසට හෝ අනෙක් පසට ගමන් ගැනීම සිදුවිය යුත්තක් වූ බැවිනි. තවත් ස්වල්ප වේලාවකට පසුව බරක් සහිතව ගමන් ගන්නා හඩකින් ලොරිරථය ඈතට ඇදියමින් එහි හඬ නැතිවී යන්න විය. වාහන ගමනා ගමනයත් කෙමෙන් අඩු වෙමින් අඳුර පෙර සේම කලියෙන්ම පලාත වසා ඉක්මනින් පැතිර යන්නට විය. නොනවතින වර්ශාව හා අකුණු ගැසිම අඩුවක් නැතිව පැවතෙමින් තිබුනි. කුමක්දෝ නොතේරෙන මුසල බවක් ඒ අඳුරත් සීතල සුලඟත් සමග පැතිර යමින් තිබුනි.

බොහෝ අවාසනාවන්ත සිදුවීම් සමග මේ මූසල අඳුර ගලා පැමිණ තිබූ බව යුද්ධයේ වැඩි කාලයක් ගතකර නොතිබූ බොහෝ අයහට නොතේරුන මුත් කුමන හෝ නොතේරෙන අවිනිශ්චිත ගතියක් සමහර සිත් තුලට ඇතුල්වී නොතිබුනා නොවේ. නමුත් මේ අටදෙනාගේ සිත් ඇත්තේ එකම අරමුණක පිහිටාය. ඒ ජාති ආගම් කුල බේද වලින් තොරව මේ රටේ වාසය කරන සාමයට ලැදි ජනයාට පීඩාවක් ඔවුනට නිදහසේ හුස්මක් ගැනීමට ඉඩක් නැතිකල මේ බියගුළු ම්ලේච්යින් හට ඔවුන්ගේ භූමියේදීම අනුකම්පා විරහිත මරණයක් උරුම කරදීමේ පිපාසයයි. එබැවින් භාහිර ආපදාවලින් වන ජිවිත හානිය ගැන වන්නාවු බිය ඔවුන්ගේ සිත්තුලින් පලවා හැර තිබුනි.

1810 පැය. (පැය තිස් අටයි මිනිත්තු හතලිස් පහ)

 දෙපසට යවා සිටි දෙදෙනා කපිතාන් උදේශ රත්නායක ඔහුගේ සමීපයට මීටර විසිපහක් දුර තෙක් සමීපයට කැඳවා කෝප්‍රල් කුයින්ටස් හට මාර්ගය තරණයට අවශ්‍ය මාවත සකස් කිරීම සඳහා ඉදිරියට යවන්නට විය. මාර්ගය සමීපයට ලඟාවූ කුයින්ටස් 

මාර්ඟය හරහා ඇති වැසි ජලය පිරුණු මඩවලවල් කිහිපයක් නිරීක්ෂනය කර ඒ මතින් ගමන් ගැනීම සළකුනු නොරැදී ගමන් කිරිමට සුදුසුම ක්‍රමය නිසා,වෙනදාට පාර හරහා දැමීමට සූඳානම් කරගෙන පැමිනි පොන්චෝ කේප් එක භාවිතයට නොගෙන මාර්ඟය හරහා ගමන් කිරීමට තීරණය කරණා ලඳී. මෙම පොන්චෝ කේප් යොඳා පාරවල් හරහා සළකුණු නොමවන්න ගමන් ගැනීම කමාන්ඩෝ දිගු දුර කණ්ඩායම් මාර්ග හරහා ගමන් ගැනීමේදි භාවිතා කල සම්මත යුධ පිළිවෙතක් විය. (SOP) එමඟින් පාවහන් වල සළකුණු භූමියේ සටහන් වීම වැලක්වීම කරණු ලබයි. මග දෙපස ආරක්ෂාව තහවුරු කර ඇති බැවින් නිදහසේ වේගයෙන් අනෙක් කණ්ඩායම මාර්ගය හරහා ගමන් ගනිමින් මාර්ඟයේ අනෙක් පස ආරක්ෂාව තහවුරු කිරිමෙන් අනතුරුව දෙපස ආරක්ෂාවට සිටි අයගෙන් මුලින් වම් පස දෙදෙනා මාර්ගය හරහා යන තෙක් අවසන් මොහොත දක්වාම පෙරියමඩු ගම පෙදෙසේ රැකවල්ලා සිටි දෙදෙනා ආරක්ෂාව තහවුරු කර අවසානයේ ඔවුන් දෙදෙනාද මාර්ගය පැන තවත් මොහොතක් පිටුපස ඔවුන් පැමිනි මාර්ගය දෙස විමසිල්ලෙන් බලමින් කිසිම ආගන්තුක දෙනෙතකට ඔවුන්ගේ  ක්‍රියාකාරකම් නිරීක්ෂනය වී නොමැති බව සනාථ වන තුරු රැඳෙමින් අවධානයෙන් පසුවන්නට විය.

තිස් නවවෙනි පැයෙන් ඇරඹි ප්‍රභාකරන් හා අනෙක් ත්‍රස්ථ නායකයන්ගේ ජීවිත සුරක්ෂිතවූ අවාසනාවන්ත පැය විසි දෙකේහි ඇරඹුම.

----------------------------------------------------

1830 පැය..

පලාතම ගිලගනිමින් වැසියන ඝන අන්ධකාරය නොනවත්වා ඇද හැලෙන ධාරාණිපාත වර්ෂාව නිසා ඇතිකරන අඳුර තවත් වැඩිකර තිබුනි. පලාතම පසුවන්නේ දැඩි නිහඩ තාවයකිනි. ඒ නිහඬ තාවය බිඳිමින් ඉඳහිට පළාතම ආලෝකමත් කරමින් හැඩවෙන අකුණු ගැසීමේ නිමාවක්ද නැත. මාර්ගයත් ගමත් පසුකර තවත් දුරක් ගමන් කර දෙවන දිනයේ ලැඟුම්පල සොයාගැනීම කපිතාන් උදේශ ගේ සිත තුලවූ සැලසුම විය. ඉදිරියට ගමන් ගනිද්දී නැවතත් අත හරින ලද යුධ අගලක් හමුවූ අතර එය තරණය නොකර එයට සමාන්තරව සෙමෙන් සෙමෙන් පෙරියමඩු ග්‍රාමය දෙසට ගමන් කර නැවත ගමන ඉදිරියට කරගෙන යන්න විය. උස් වූ ගස් සේම කමාන්ඩෝ දිගුදුර සෙබළුන්   * චෙක් ගස *  ලෙස හඳුන්වන ඉනක් පමණ උසට වැවුන ගස් වලින් ගමන් මාර්ගය වැසි තිබුනි. 

* මෙම ගස් වර්ගය චෙක් ගස් ලෙස හඳුන්වන්නේ එම ගස් හරහා යමෙක් ගමන් කලහොත් ඒ හරහා ගිය පසු නැවත එම ගස පෙර තිබුන ඉරියව්වට නොපැමිණ ගමන් කල දිශාවටම නැවි තිබීමෙන් යමෙකුට ඒ හරහා යමෙකු ගිය දිශාව නිරික්ෂනය වන නිසාවෙනි. එබැවින් බොහෝ විට එම ගස් හරහා ගමන් කිරීම කමාන්ඩෝ දිගුදුර කන්ඩායම් සෙබළු මග හරිනු ලබයි.

 වර්ෂ දෙදහස් එක නොවැම්බර් දහ නවය 1857 පැය..

-------------------------------------------;---------

පොලව හොඳින් පෙඟි මඩවෙමින් ඇති බිමේ බර සහිතව ගමන් ගන්නා මොවුන් හට සතුරූ භූමියේ සිඳුවිය නොහැක්කේ කුමක්ද.?

මෙම කන්ඩායමේ තෙවෙනුවට ගමන් ගත් ලාන්ස් කෝප්‍රල් ගුණසේකර ජී.එම්. ගේ පාදය එක මොහොතක වාරු නැතිව මඩෙහි ලිස්සා ඉදිරියට තල්ලු වී යද්දී මහ හඬින් අකුණු සැරයක් සිය දෙපා පාමුල හැඩවෙනු ගුනසේකරට දැනෙමින් ඔහු උඩුබැලි අතට වීසිවී යන්නේය. පස් කැබළි සිරුරු වල වදිමින් පුපුරාගියේ අකුණක් නොව අත්බෝම්බයක් යැයි සිතා සියල්ල සිටිනා තැන්වල දිගාවුයේ එය අත්බෝම්බයක් නම් දෙවෙනුව ඔවුන් වෙත පොකුරු පිටින් එන උන්ඩ වරුසා වෙන් බේරීම සඳහාය..

කිසිදු දෙවන ප්‍රහාරයක සළකුණක් නැත

තවත් තප්පර ගානනාවක් ඇවෑමෙන් ආලෝකමත් වුන අකුණු සැරයක එලියෙන් ඉදිරියේ කෙනෙකු උඩු බැලි අතට වැටි කැඩී කුඩුවී ගිය පාදය ඉහලට ඔසවාගෙන සිටින අන්දමත් සෙමෙන් ඇසෙනා ඔහුගේ කෙඳිරි ගැමෙන් ඔහු ගුණසේකර බව අවබෝධ වන්නට වැඩි වේලාවක් ගත නොවුන අතර ඔහු පසුපසින් ගමන් ගත් ලාන්ස් කෝප්‍රල් ජයසේකර හට පිපිරීමත් සමග විසිරුණ පස් නිසාවෙන් ඔහුගේ දෑසම පෙනෙන්නේ නැති බැව් කොඳුරා ළඟ සිටියෙකුට කියන්නට විය. කලින් ගුවන් හමුදා කන්ඩායම් විසින් වලදමන ලද පුද්ගල නාශක බෝම්බයක් ගුණසේකරගේ පාදයට හානි කරමින් රටක ඉදිරි ඉරණම තවදුරටත් පීඩාකාරි කරමින් රටේ කුමන ජාතියේ වුව තරුණ ජීවිත විනාශ වන්නට ඉඩ හරිමින් පුපුරා ගොස් තිබුනේ ලාන්ස් කෝප්‍රල් ගුනසේකරගේ දකුණු පාදය සුණු විසුණු කරමිනි.

උතුරේ හා දකුනේ දේශපාලන අධිකාරිය සටන් විරාමයක් මගින් තාවකාලිකව හෝ සාමයක් අපේක්ෂා කරමින් සිටියත් ඔහුගේ ත්‍රස්ථ කණ්ඩායම් වල ප්‍රහාරයන් හමුවේ ආරක්ෂක හමුදාවන් ලබමින් තිබූ පරාජයන් ගෙන් උමතුව උඩඟුව ප්‍රභාකරන් සිය ම්ලේච්ච රුධිර පිපාසිත නායකයින් ඉදිරියේ මහවිරු දිනයේදි ද්‍රවිඩ ඊළම ජයග්‍රහණය කර මෙහෙයවන අන්දම හා මීළඟ වසරේ වෙනම රටක ඔවුන්ගේම වූ රටක මහවිරු දිනය පවත්වන අන්දම කියන්නට සටන් විරාමය ප්‍රතික්ෂේප කරමින් සිටින මොහොතක සුන්දර තරුණ ජීවිත අටක් අධික බරකින් යුතු ගමන් මළු හා පාදයක් අහිමිවු සෙබලෙක් දෑස නොපෙනි ගිය සෙබළෙක් සමග ඉදිරි පැය කිහිපය සිය දෛවය කෙලෙස විසදෙන්න යන්නේද යන බව නොදැන බලාසිටින්නට විය.

මොහොතකින් සිය මනස අවධිකරගත් කපිතාන් උදේශ රත්නායක අනෙක් සාමාජිකයන්ට ආරක්ෂාව සපයන්නට අණකරමින් සිය කණ්ඩායමේ සිටින ප්‍රථමාධාර සඳහාම විශේෂිත පුහුණුවක් ලබා සිටි ලාන්ස් කෝප්‍රල් ඉන්දිකව කැඳවන්න විය.

"ඉන්දික පොඩ්ඩක් බලපන් මොකක්ද කරන්න පුළුවන් කියලා"

සෙමෙන් අවට පරික්ෂා කර බලමින් තවත් බිම් වෙඩි ඇත්දැයි විමසිලිමත් වෙමින් ගුණසේකර වෙත ගමන්කල ඉංදික ඒ වනවිටත් රුධිරය විදිමින් කැබළිවී එල්ලෙමින් තිබුන ඔහුගේ පාදය සිය දනහිස උඩට ගනිමින් පරික්ෂාකර බැළුවේ පළමුව මේ රුධිර වාහනය වීම නතර කරන්නේ කෙලෙසද කියායි. දන හිසට අඟල් කිහිපයක් පහලින් කැබළිවී එල්ලෙමින් තිබුන පාදය ඒ අයුරින් වෙලිමෙන් සාර්ථක ප්‍රතිඵල අත් නොවන නිසා ඔහු සිය කණ්ඩායම් නායකයාගේ අවසරය පතමින් මුහුණ දෙස බලන්නට විය.

"සර් ඩ්‍රෙස් කරන්න නම් කකුළේ මේ කෑලි කපන්න වෙනවා. මම කපන්නද ? 

"සර් මට ග්‍රේනේඩ් එක පුපුරව ගන්න දීලා සර්ලා යන්න දැන් සද්දෙට මුන් බලන්න ආවොත් හැමෝටම මැරෙන්න වෙනවා"  ?

ඒවනවිටත් සිය බෙල්ට් ඕඩරයේ වූ අත්බෝම්බයක් සිය අතටගෙන සිටි ගුනසේකර කෙඳිරි ගාමින් අපහසුවෙන් මුත් සිය අනෙක් සාමාජිකයින්ද ඔහු නිසා අමාරුවේ වැටීම නොඉවසමින් ඔවුන්ට ඔහු හැරයන්න පවසයි"

" බඩි කලබල වෙන්න එපා උඹව දාලා අපි යන්නේ නෑ මැරෙන්න වුනොත් ඒක හැමෝම එකට ඒක උඹට විතරක් වෙන්න දිලා අපි යන්නේ නෑ.. ඉන්දික හොඳයි කියලා හිතෙන දෙයක් කරපන්."

සිය සගයාගේ ජීවිතය ගලවා ගැනීමට කලයුතු හොඳම දේ කිරීමට ඔහු සිය අනුමැතිය ඉන්දික හට ලබාදෙන ලදි.

සිය ඉනෙහි රඳවා ගෙන සිටි පිහිය එලියට ගනිත්ම ගුනසේකරගේ පාදයේ කොටස් බිඳී කැබළිවී ඇති අන්දම නිරීක්ෂනය කරමින් එකම මට්ටමට එන සේ ඔහුගේ පාඳයේ රැලිලෙස එල්ලෙන රුධිරයෙන් පිරී පෙගීගිය මස් කැබළි කොටස් කපමින් ඉවත් කර ඔහු සමිපයේ වූ ගෝස්ට් හා ඉලස්ටෝ ප්ලස්ටර් යොදාගනිමින් රුධිර වාහනය පාලනය වන අන්දමට පාදය වෙලන්නට විය. මෙහිදි මොවුන්ට තවත් කරදරයකට මුහුණ පාන්නට සිදු විය. ඒ රුධිරය වැටෙන සෑම තැනකම කඩි මතුවීමයි. එසේ මතුවන කඩින්ගේ වේදනාකාරි දල ප්‍රහාරයන්ට ලක්වෙන්න සිදුවීම නිසාම රුධිරය වැටෙන තැන් පාදයෙන් මඩ කරමින් සිටිමට අයෙකු යොදවන්ට වී තිබුනි.

වෙළුම් යොදමින් රුධිරය ගැලීම පාලනය කර ඉන් අනතුරුව වේලාව සටහන් කර ගනිමින් සේලයින් බෝතලයක් තුවාල කරුගේ සිරුරට සම්භන්ධ කරමින් එය හරහා වේදනාව පාළනය කිරීමට ඉන්දික විසින්ම මෝෆීන් මාත්‍රාවක් එක් කරන්නට විය.

ඉන්දික විසින් සිය කාර්‍යාය ප්‍රවීනයෙකුගේ ගති ස්වභාවය ප්‍රදර්ශනය කරමින් කිසිඳු කලබල වීමකින් තොරව සිදු 

කරද්දී අනෙකුත් සාමාජිකයන් අතර ගුණසේකරගේ ගමන් මල්ලේ වූ සියළුම භාණ්ඩ උපකරන බෙදෙත්දී නැවත ගුනසේකර සිය අණදෙන්නා අමතමින් ඉල්ලීමක් කරන්නට විය.

 "සර් මට මගේ ළඟ  මේ ග්‍රේනේඩ් එක තියාගන්න ඉඩ දෙන්න"

ඔහු දෙස මොහොතක් බලාසිටි කපිතාන් උදේශ එයට ඉඩ දෙමින් ඔහු අතවූ ග්‍රේනේඩ් එක ඔහු සන්තකයේ තබාගන්නට අවසර ලබාදෙන ලදි.

පාදයක් අහිමීවී ගිය තුවාල කරුවෙකු සමග තවදුරටත් ඉදිරියට යෑම කල නොහැකි දෙයක් නිසා මුලින්ම තුවාල කරු ආරක්ෂක ස්ථානයක් වෙත ගෙන ඔහුව පිටත්කර යවා ක්‍රියාන්විතය ඉදිරියට කරගෙන යෑම හෝ අත් හැරීම සිදුකිරීම පසුවට තබා නැවත තුවාලකරු ඔසවාගෙන මාර්ගය වෙත රැගෙන විත් එය පෙර පරිදිම ආරක්ෂිතව කිසිඳු සළකුනක් ඇති නොමවන්න පසු කරමින් අත හැර දමන ලද කඳවුර තෙක් පැමිණ එහිවූ ගිලන් මැස්ස රෝගියා ඔසවා ගෙන  යෑමට හැකි ලෙස සකස්කර තවත් කිලෝමීටර් දෙකක් පමණ පසුපසට පැමිනෙන්න විය.

මෙම ක්‍රියාන්විතය මෙයින් පසුව සිදුකල පසුකථනයෙන් කමාන්ඩෝ දිගුදුර මෙහෙයුම් කණ්ඩායම් සාර්ථකව සිදුකල මෙහෙයුම් ගනනාවක් සඳහා ස්ථවර යුධ පිළිවෙත් (SOP) සකස් කිරීමට උපකාරි වුන ක්‍රියාන්විතයක් විය. මෙහිදි ඔවුන් අතර මග සිදුවීමක් වුවහොත් ගුවන් යානාවක් ගොඩ බස්සවන්න සුදුසු  ස්ථාන හඳුනා ගෙන නොතිබුන බැවින් සිතියම මාර්ගයෙන් එයට සුදුසු තැනක් බලා ගෙන පසුපසට පැමිනිමට සිදුවිය.

කිලෝ මීටර දෙකකට ආසන්නයේ නැගෙන හිර දෙසින් ගම්මානයකි එසේම ත්‍රස්ථවාදී කඳවුරක පිහිටීමක් බුද්ධි අංශ පෙන්වා දී ඇත. එකම ආශිර්වාදයක් ලෙස දැන් ඇත්තේ මුලින් කරදරයක් ලෙස සිතූ වර්ෂාව හා අකුණු ගැසීමය. වර්ෂාව හා අඳුර නිසා ඉන්න තැනකට සීමාවී සිටීම හා අකුණු ගැසිම මත මේ බිම් බෝම්බය පිපිරීමේ හඬ කිසිවෙකුට වෙන්කොට හඳුනා ගැනීමට බැරිවීම වාසියක් වී තිබුනී. මේ සැමටම වඩා බොහෝ විට බිම් බෝම්බයකට පාදය හසුවීමෙන් පසු බොහෝ සොල්දාදුවන් මරහඬ නගමින් විලාප දෙනු ලබන එක පොදු සුළභ කරුණක් වූවත්, ගුණසේකරගේ මුවින් පිටවුයේ සිහින් කෙඳිරියක් පමණී. ඔහු සතුරු වලල්ලට බොහෝ ඔබ්බෙන්වූ මේ අනතුර තරමටම විශ්මය බිඳීගිය හොත් සිදුවන අන්තරාව තේරුම් ගෙන ක්‍රියා කිරීම පැසසිය යුත්තක් විය.

2000 පැය. (හෙලිකොප්ටර් ගොඩ බැස්සවීමේ කලාපයක් සොයා යෑම)

-----------------------------------------------------

කිලෝ මීටර දෙකක් පමණ ආපස්සට පැමිණීමෙන් අණතුරුව විශාල ගසක් පාමුල ගුණසේකරව රැඳවීමෙන් පසු ඉන්දිකව ඔහු සමිපයේ රැඳවු කපිතාන් උදේශ ඔහු අමතන්න විය.

"ඉන්දික අපි ගුනසේකරව යවන්න හෙලිපෑඩ් එකක් හදන්න යනවා ඔයාට මෙයාව බලන් ඉන්න පුළුවන් නේද".

"පුළුවන් සර් මම ඉන්නම්"

"හරි සේලයින් එක ඉවරවෙන්න කොච්චර වෙලාවක් යනවද"

"සර් පැය දෙකකින් ආයේ මෝෆින් එකක් දෙන්න ඕනේ"

හරි ඔයා පැය දෙකකින් මට කථා කරන්න මම එන්නම්"

"ගුණසේකර අපි යන්නේ ඔයාව පස්සට ගන්න හෙලිපෑඩ් එකක් හඳන්න ඔයා එක්ක මෙතන ඉන්දික ඉන්නවා බයවෙන්න එපා බඩි අපි උඹව තනි කරන්නේ නෑ මොනම හේතුවකටවත්"

"නෑ සර් මම බය නෑ "

1910 පැය දක්වා ආපස්සට මන්නාරම පාබල හමුදාවේ අප්‍රකට හමුදා අනුකන්ඩයක්..

-----------------------------------------------------

මේවන විට අදාල ප්‍රදේශයේ සිදුවන ක්‍රියාන්විත සම්භන්ධිකරනය කරමින් මෙම කණ්ඩායම් තුන කළමණාකරණය කිරීමට පහසු ලඟම වන ස්ථානයක් වූ මන්නාරම ප්‍රදේශයේ පාබල හමුදා අනුකන්ඩයක නතරවී සිටි එවකට මේජර් (වර්ථමාන මේජර් ජෙනරාල්) ශානක රත්නායක හට කපිතාන් උදේශ රත්නායකගෙන් ඇමතුමක් ලැබෙන්නේය.

ක්‍රියාන්විතයකට කණ්ඩායමක් ආරක්ෂක වලල්ලෙන් ඔබ්බට ගියවිට ඒ කණ්ඩායම නැවත කඳවුර වෙත පැමිනෙන මොහොත තෙක් ගුවන් විදුලි යන්ත්‍රය සිය ආසන්නයේම තබා ගැනීම පුරුද්දක් කරගත් මේජර් ශානක රත්නායක ඒ කණ්ඩායම් අතර වන සංවාද හොඳින් ඇහුන්කම් දෙමින් එම ක්‍රියාන්විතයට අනුගතවීම සිඳුකල අතර, ඔහුවෙත එන ඕනෑම ඇමතුමකට එදවස ඔහු පළමුවරම පිළිතුරු දීම නිසා ඉදිරි පෙල ගමන්ගන්නා කණ්ඩායම්වල සෙබළුන් හට ඔහුගැන වූයේ  දැඩි විශ්වාසයකි. එමඟින් එම කණ්ඩායම් වල ඉදිරියට  ගමන් ගැනීමට වැඩි උත්තේජනයක් සැපයු බව නොරහසකි.

ලියෝන් ෆොර් එයිට් ෆයිව්  ඕවර්..

දිගු දුර ක්‍රියාන්විත සම්භන්ධිකරණය කරන්නාවූ මේජර් ශානක රත්නායක හට කපිතාන් උදේශ රත්නායක වත්මන් සිඳුවීම වාර්ථාකර ඔහුව ගෙන යෑමට ගලවා ගැනීමේ මෙහෙයුමක අවශ්‍යථාවය සඳහන් කරන්නේය.

සිය ආරක්ෂිත ගුවන් විදුලි සංඥා යන්ත්‍රය මගින් සිය අණදෙන නිළධාරීවූ කර්නල් ලලන්ත ගමගේ අමතා සිදුවීම වර්ථා කල ඔහු මුදවා ගැනීමේ මෙහෙයුම සඳහා උපදෙස් පතන්නට විය. 

මේ වන විට රාජකාරි කටයුත්තක් සඳහා කොළඹ බලා පිටත්ව ගොස් සිටි ඔහු වහා සිය දෙවන අනදෙන නිළධාරීයාවු එවකට මේජර් (විශ්‍රාමික මේජර් ජෙනරාල්) උපාලී රාජපක්ෂ හට ඔහුවෙත ලැබුන පනිවුඩය රහස්‍ය සංඛේත නාමයන් යොදා ගනිමින් ලබාදුන් අතර මේවන තුරු රහසක්ව සීමිත නායකයින් කිහිප දෙනෙකු පමණක් දැනසිටි මේ ක්‍රියාන්විතය ගලවා ගැනීම සිදුකරන තුරුත් එලෙසම රකින්නට උපදෙස් දෙමින් ඔහුව ආරක්ෂක සේණා මුලස්ථානය (වන්නි) වෙත පිටත්කර යවන්නේ ආරක්ෂක වළල්ලෙන් ඔබ්බෙහි සිදුවී ඇති තත්වය වාර්ථාකරමින් කඩිනම් මුදවාගැනීමේ මෙහෙයුමක අවශ්‍යථාවය බ්‍රේගේඩියර් මාන්ඩළික  ප්‍රධානී වෙත දන්වා සිටිමිනි.

වන්නී බ්‍රේගේඩියර් මාංඩලික ප්‍රධානී හා දෙවන කමාන්ඩෝ රෙජිමේන්තු අණදෙන නිළධාරී සම්භන්ධය....

-----------------------------------------------------

මෙම සිඳුවීමට හරියටම මාස හයකට පෙර වන්නි ආරක්ෂක සේනා මුලස්ථානය...

බ්‍රෙගේඩියර් මංඩළික ප්‍රධානී නිල කර්‍යාලය

1030 පැය.....

දෙවන කමාන්ඩෝ රෙජිමේන්තු අණදෙන නිළධාරී කර්නල් ලලන්ත ගමගේ එවකට වන්නි බ්‍රේගේඩියර් මාංඩළික නිළධාරී ලෙස කටයුතු කල දක්ෂ මෙන්ම කිර්තිමත් යුධ සෙනෙවියෙකු වූත් පසුව යුධ හමුදාවට අණදීමේ භග්‍ය ලද එවකට බ්‍රේගේඩියර් (විශ්‍රාමික ජෙනරාල්) ක්‍රිශාන්ත ද සිල්වා හමුවීමේ බලපොරත්තුවෙන් ඔහුගේ කර්‍යාලය අභිමුවට පැමිණ තිබුනි. කර්නල් ලලන්ත ගමගේ යනු ඔහුට අවශ්‍ය කාර්‍ය කරගැනීම සඳහා ජනධිපති හමුවීම අවශ්‍ය නම් ඔහු කෙසේ හෝ හමුවී එය කරගන්නා අයෙකි. පහලම ලිපිකරුවා ගේ සිට ඉහලම නිලධාරියා දක්වා ඔහුම යමින් එමින් එම කර්‍ය සාර්ථකව අවසන් කිරිම ඔහුගේ පුරුද්දයි. මොහුගේ ඇමතිමෙන් යම් විශේෂයක් ඇති නිසාම ඔහු හා බොහෝ සුහද බ්‍රේගේඩියර් ක්‍රිශාන්ත ද සිල්වා ඔහුට මදක් රැඳෙන්න කියා සිය  ප්‍රමුඛ කර්‍යන් අවසන් කලේ මොහු හා කථාව බොහෝ දුර යන එකක් බව දන්නා නිසායි.

මා එය හිටපු යුධ හමුදාපති තුමන් කියු ආකාරයෙන්ම ලියා තබන්නම්.

"ආ එන්න ලලන්ත හුඟ කාලෙකින් මොනවද වෙන්න ඕනේ"

"සර් සර්ල  අපේ LRRP කොල්ලෝ පාවිච්චි කරන්නේ ## ලට ටාගර්ට් ගන්න යන්න පාරවල් ක්ලියර් කරවන්න විතරයි. එහෙම කරන්න එපා අපියි හමුදාවේ මුලින්ම LRRP මිෂන් කලේ. මගේ කොල්ලන්ටත් එක ඒරියා එකක් වෙන්කරලා දෙන්න..

මේ වනවිටත් කිසිඳු ප්‍රසිද්ධියකින් තොරව සිය කාර්‍ය කරගෙන යන කාමාන්ඩෝ දිගුදුර මෙහෙයුම් කණ්ඩායම් ගැන යුධ හමුදාවේ දැන සිටියේ බොහෝ අතලොස්සක් දෙනා පමණි. වරක් කිලාලී කලපුව තරණය කර මුහමාලේ ත්‍රස්ථ ආරක්ෂක වලල්ල විනිවිද නගර්කෝවිල් වෙත ගොස් පැමිණි කණ්ඩායමක් ඒ බව හිටපු ආරක්ෂක ලේඛම් හා පසුව ජනාධිපති වූ ගරු ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ විස්තර කරද්දී තමාට ශරීර ආරක්ෂව ලබා දෙන කමාන්ඩෝ කණ්ඩායම් අතර මෙවන් සුවිශේෂි සෙබළ කණ්ඩායමක් සිටින බව ඒ වනතෙක් දැන සිටියේ නැත. එය වර්ථමාණයටද එසේමය බොහෝ කණ්ඩායම් වල දිගුදුර මෙහෙයුම් ගැන බොහෝ කතා පලවෙද්දී කොටි ත්‍රස්ථවාදින්ගේ දෙපාමුලට ගොස් හිස ගලවාගෙන ආ කොටි සංවිධානයේ තෙවෙනියා වූ අමුදන් මාස්ටර් නොහොත් මල්ලිගේ සිට බොහෝ ත්‍රස්ථ නායකයන්ගේ නිහඬ ඝාතකයන් මේ කමාන්ඩෝ දිගුදුර මෙහෙයුම් කන්ඩායම් වල සාමාජිකයින් බව අදත් දන්නේ බොහෝ සුළු අත්‍යාවශ්‍යම පිරිසක් පමණි. 

"නෑ ලලන්ත මගේ ## ලට කියලා විශේෂ සැලකිල්ලක් නෑ. හැමෝටම මගේ සැලකීම එකවගේ ඔයා මට වෙන්න ඕනදේ කියන්න මම ඔයාගේ ටීම් වලටත් අවශ්‍ය පහසුකම් සලසන්නම්"

මේ කතිකාවෙන් පසුව සිදුකෙරුන බොහෝ සාකච්චා වන්ගෙන් පසුව A-9 මාර්ගයෙන් නැගෙනහිර විශේෂ බළකායටත් බස්නාහිර කමාන්ඩෝ රෙජිමේන්තුවටත් ලෙස ක්‍රියාන්විත සඳහා වෙන්වෙන්නේය.

පවත්නා තත්වය පනිවුඩය ලද සැනින් බ්‍රේගේඩියර් ක්‍රිශාන්ත ද සිල්වා හට දැනුම් දුන් අතර, ඔහු එය රහස්‍ය කේත යොදාගනිමින් එවකට වන්නි ආඥාපති 

වු මේජර් ජෙනරාල් ශාන්ත කෝට්ටේගොඩ හා හමුදාපතිව සිටි ලුතිතන් ජෙනරාල්  ලයනල් බළගල්ල හා මාන්ඩළික ප්‍රධානී ජෙනරාල් (දිවංගත) රොහාන් දළුවත්ත වෙත වාර්ථාකර මෙම කන්ඩායම ආරක්ෂිතව ගෙන්වා ගන්නා තුරු රහස්‍යභාවය රඳවා තබා ගැනීම හා අත්‍යාවශ්‍ය දේ පමණක්‌ අදාල තැන්වලට දැන්වීමටත් සියළු පනිවිඩ රහස් ඛේත හරහා පමණක්‌ සිදු කිරීමටත් තිරණය කරන ලදි.

මේ අනුව ආරක්ෂක සේනා මූලස්ථානය කරාගිය මේජර් උපාලි රාජපක්ෂ වෙත බ්‍රේගේඩියර් ක්‍රිශාන්ත ඩී සිල්වා විසින් පෞද්ගලිකවම මැදිහත්වෙමින්  සන්නද්ධ රථයක් (BMT) හා ඩබල් කැබ් රථයක් ලබාදෙමින් ඒවන විට හමුදා මාර්ග ආරක්ෂාව ඉවත්කර ඇති වව්නියා මැදවච්චිය මාර්ගය හරහා අරක්ෂිතව හිඟුරක්ගොඩ ගුවන් හමුදා මුලස්ථානය වෙත පිටත් කර හැරියේ ගුවන් හමුදා යානාවල සහය මුදවා ගැනීම සඳහා යොදාගැනීම සම්භන්ධිකරනය කිරීමටයි..

මේවන විට හිටපු ගුවන් හමුදපති වරයෙකු වූ  එවකට ගුවන් ක්‍රියාන්විත අධ්‍යක්ෂක වරයාව සිටි ගෲප් කපිතාන් රොෂන් ගුණතිලක මහතා සහ බ්‍රේගේඩියර් ක්‍රිෂාන්ත ද සිල්වා සියළු සම්බන්ධතාවයන් පවත්වා ගනිමින් ඔවුන් හට මේ ක්‍රියාන්විතය සිදුකිරීමට ඇති ආරක්ෂාව පිළබඳව විශ්වාසනීයත්වයක් ඇති කරවන්න වෙහෙසක් ගන්නට විය. මෙය සතුරු ආරක්ෂක වළල්ලෙන් ඔබ්බේ අනාරක්ෂිත ප්‍රදේශයක කිරිමට සිදුවීම අයහපත් කාලගුණ තත්වයන් මත ඉදිරිය නිරීක්ෂණය කිරීමට වන අපහසුතාවය ත්‍රස්ථවාදින් සතුව ඒවනවිට තිබූ භූමියේ සිට ගුවනට විදීමේ හැකියාව ඇති සෑම මිසයිල යන සාධක මේ ක්‍රියාන්විතයට ගුවන් යානා නොයෙද වීමට හේතුසේ දැක්වෙමින් තිබුනි. ගුවන් හමුදාවේ විශ්වාසය තහවුරු කිරීම රැය පහන් වනතුරු ක්‍රියාන්විත සම්බන්ධීකරණය කරන මේජර් ශානක රත්නායක මෙන්ම ක්‍රියාන්විතයේ සිටින කපිතාන් උදේශ රත්නායකගෙන් ලබාගන්නා තොරතුරු ලබාගනිමින් බ්‍රේගෙඩියර් ක්‍රිශාන්ත ද සිල්වා ක්‍රියාන්විත මැඳිරිය තුල ඔහුට විශ්වාසම නිළධාරීන් කිහිප දෙනෙකු ගෙන්වා ගනිමින් කටයුතු කරමින් ඉන්නා ලඳි. මේ මෙහෙයුම නිමාකරන තුරු ජනමාධ්‍ය වෙත මේ බැව් ආරංචි නොවිමට කටයුතු කිරිම අනෙක් අභියෝගයයි මෙය යම් ලෙසකින් ඉව වැටී එය ප්‍රසිද්ධ වුවහොත් මුළු ගලවා ගැනීමම අවුල් ජාලයක් වී ඒ ජිවිත අටම විනාශ විය හැකි බැවින් සෑම විටම රහස් කේථ පමණක්‌ භාවිත කරමින් පනිවිඩ හුවමාරුව සිදුවුණි.

මේජර් රත්නායකට උපදෙස් ලබාදෙමින් බ්‍රේගේඩියර් ක්‍රිශාන්ත ද සිල්වා ඒ ආසන්නයේ වූ සැරයන් රත්නායක හා ලුතිතන් නන්දන අබේකෝන් ගේ ක්‍රියාන්විත අවලංගු කර ඔවුන්වද මේ සිදුවීම සිදුවී ඇති ප්‍රදේශය ආසන්නයට ලන්කරවමින් බාහිරින් එන සතුරු අභියෝගයක් වේනම් ඒවා ප්‍රමාද කරවන්න සැලසුම් කෙරිනී.

කපිතාන් උදේශ රත්නායක ඇමතු බ්‍රේගේඩියර් ක්‍රිශාන්ත ද සිල්වා විමසුවේ 

"උදේශ ඔයාගේ මෙඩික් ලඟ වේදනා නාශක තියනවාද යන්නයි."

"ඔව් සර් මෝෆීන් ඇතිවෙන්න තියනවා"

"හරී හෙට දවස ඇතුලත කැෂුවල්‍ටිය අපි රිකවර් කරනවා. ලමයට කෑගහන්න දෙන්න එපා. අවශ්‍ය වෙලාවට මෝෆීන් දෙන්න මෙඩිකල් ඇසිස්ටන්ස් ඕනේ නම් කියන්න මම ඩොක්ටර් කෙනෙක් ගෙන්නන්නම් උපදෙස් දෙන්න. කැෂුවල්ටි එක හොදට මොනිටර් කරන්න බ්ලීඩ් වෙන්න දෙන්න එපා. හෙට එලි වෙනකම් අල්ලන් ඉන්න.

හිඟුරක්ගොඩ ගුවන් හමුදා කඳවුර හෙලිකොප්ටර් බළඝනය..

0230 පැය.2001.11.20 දින

-----------------------------------------------------

මේ වන විට එම ස්ථානයට බෙල් 212, Mi 17 හා MI 24 යන බළඝනවලට අයත් ගුවන් හමුදා අණදෙන නිළධාරින් ගුවන් නියමුවන් පැමිණ තිබූ අතර, ඔවුන්ගේ කියවීමට අනුව ගලවා ගැනීමේ මෙහෙයුමේ ගුවන් හමුදා සහය පවත්නා තත්වයන් හී අවදානම සලකා 90% පමණ නොවන තත්වයේ විය.

එය  සුභවාදී සම්හන්ධී කරණයක්  සඳහා බ්‍රේගේඩියර් සිල්වා හා ගෲප්  කපිතාන් රොෂාන් ගුණතිලක හරහා මේජර් උපාලී රාජපක්ෂ  බොහෝ විශ්වාසනීයත්වය තහවුරු කිරිම් කරන්නට විය. ගුවන් හමුදාවෙන් තවත් කොන්දේසියක් එක් කෙරිනී,ඒමේ ක්‍රියාන්විතය  සඳහා කමාන්ඩෝ ජ්‍යේෂ්ඨ නිළධාරියෙකු ගලවා ගැනීමේ කණ්ඩායම සමග පිටත්විය යුතුයි යන්නයි.

බ්‍රේගේඩියර් ක්‍රිශාන්ත ඩී සිල්වා මේජර් උපාලි රාජපක්ෂ වෙත හැරිනී.

මේ මොහොතේ තමන්ගේ රෙජීමේන්තුවේ කන්ඩායමක් ජීවිත අනතුරක මැදිවීය.සිය බිරිය කමාන්ඩෝ නිළධාරියෙකු වූ කපිතාන් රසික් ගේ විවාහ මංගල්‍ය උත්සවයක් සඳහා මල් කුමරු ලෙස සිය පුතුව රැගෙන යෑමට එනතුරු පෙරමඟ බලන්‍ සිටී.මේජර් උපාලී රාජපක්ෂ යනු සැමවිටම සිය සෙබළුන්ගේ කරඳරය ඉඳිරියේ කොන්දේසී විරහිතව සිටගන්නෙකී.

ඔහුගේ වචන ස්ථීර විය.

"සර් කිසි ප්‍රශ්නයක් නෑ මම චොපර්  එකේ යන්නම්"

දෙවැන්න ආසන්නව ඇති හමුදා කණ්ඩායම් ස්ථානගත කිරීම.

මේජර් උපාලි රාජපක්ෂ විසින් ඒ වනවිට පළමු වරට  සිදුවීම ආසන්නයේ ඔහුට ලබාදී තිබූ දිගුදුර මෙහෙයුම් කණ්ඩායම් ස්ථානගත කිරීම් ගුවන් නියමුවන් හට පෙන්වූ විට ඔවුන්ගේ විශ්වාසය තවදුරටත් තහවුරු විය. ඒ වගේම මේ ගලවා ගැනීමේ මෙහෙයුම හී ගොඩ බෑසීම සඳහා යොදවන බෙල් 212 හෙලිකොප්ටර් යානාව ප්‍රධාන ගුවන් නියමුවා වූ ස්කොඩ්‍රන් ලීඩර් (දිවංගත) සුදම් කළුආරච්චි කොළඹ රාජකීය විදුහලේ මේජර් උපාලි රාජපක්ෂ හා එකට සිප් සතර හැදෑරූ ඔහුට කනිෂ්ඨ  මිතුරෙකු වූ අතර, ඒ මිතුදම නිසාම මේ මෙහෙයුම නොකර සිටීමේ හැකියාවක් ඔහුට නොතිබුන බවත් ඔහු සිය ජ්‍යේෂ්ඨ  පාසල් මිතුරා වෙනුවෙන් ඒ සඳහා කැමැත්ත පලකිරීම මතම අනෙක් ගුවන් නියමුවන්ද මේ සඳහා කැමැත්ත පල කරණ ලදී. විශ්වාසනීයත්වය එසේ පල වූවද භූමියේ අවාසිය ගුවන් ක්‍රියාන්විතයක් පරයා යා නොහැකි සීමාන්විතයකට කොටුවී සිටියාය. ඒ වනවිටත් පැවති දැඩි වර්ෂාව මත ගුවනේ සිට පෙනීමේ සීමාව අවම ලෙස මීටර් අටසියයක් දුරක් වත් නොවේනම් ගුවන් යානා ඉහලට එසවිය නොහැකි බව පැවසුනී.

හැකිබව නොහැකි බව අතර ජීවිත අට දෝලනය වෙද්දී මේජර් ශානක රත්නායක භූමියේ කණ්ඩායම් සම්බන්ධිකරනයත් මේජර් උපාලී රාජපක්ෂ ගුවන් හමුදා ගුවන් නියමුවන් හා විශ්වාසය ගොඩනගමින් ඔවුන් හා ගුවනට පිවිසිමේ අරගලයකත්, බ්‍රේගේඩියර් ක්‍රිෂාන්ත ද සිල්වා රහස්‍ය භාවය රකිමින් සියළු කටයුතු සාර්ථකත්වය කරා මෙහෙයවීම සම්භන්ධි කරණය කිරීමේ අරගලයකත් භූමියේ තුවාල කරුවන් දෙදෙනෙකු අතර අධිකව රුධිරය වාහනයවන තුවාල කරුවෙකු සමග ඔහුගේත් තම සාමාජිකයන්ගේත් ජිවිතය ගලවා ගැනීමේ අරගලයක  කපිතාන් උදේශ රත්නායකද නිරත වෙමින් ඔහුව ආරක්ෂිතව පිටත් කර හැරීමේ භූමිය සැකසීමේ බැරෑරූම් කාර්‍යයේ කොටුවී රැය පහන් කරමින් ගෙවෙමින් තිබෙයි.

මෙම තත්වයේ බෑරෑරුම් කම මේවනවිට ආරක්ෂක අමාත්‍ය දිවංගත ගරු ජෙනරාල් අනුරුද්ධ රත්වත්තේ හටද එමඟින් අතිගරු ජනාධිපතිනීයවූ චන්ද්‍රීකා බන්ඩාරනායක කුමාරතුංග හටද සැලකර තිබිනී.ඔවුන් ගේ උපදෙස වූයේ කෙසේ හෝ මේ කන්ඩායම ආරක්ෂිතව මුඳවා ගතයුතු බවයි.

දෙදහස් එකක් වූ නොවැම්බර් මස විසිවන දින ..

පෙරවරූ 0610 පැය..

අරක්ෂක මාන්ඩළික ප්‍රධානී වෙතින් ගුවන් හමුදාපතිවෙත එක් රහසිගත පනිවුඩයක් ලැබෙන්නේය.

එවකට ආරක්ෂක මාන්ඩළික ප්‍රධානීවූ ජෙනරාල් රොහාන් දළුවත්තග විසින් ගුවන් හමුදාපති වරයාගෙන් ඉල්ලිමක් කරමි නිකුත් කෙරුන ඒ පනිවුඩයෙන් කියවි තිබුනායැයි පැවසෙන්නේ  මේ මුදවා ගැනීම සිදු කිරීමට යම් ලෙසකින් නොහැකිව එම කණ්ඩායම සතුරා අතට පත්ව විනාශ වුවහොත් ඉදිරීයේ මෙවන් දිගුදුර මෙහෙයුම් සඳහා ක්‍රියාන්විත කණ්ඩායම් යෙදවීමේදී ඔවුන් යම් අපහසුතාවයකට පත්වුවහොත්  ගලවා ගැනීමේ කන්ඩායම් වල,පැමිනීම ගැනවන විශ්වාසනීයත්වය බිඳී යා හැකි බැවින් කෙසේ හෝ මේ ගලවා ගැනීමේ මෙහෙයුමට ගුවන් හමුදාවේ  ගුවන් යානා යෙඳවීමේ හා ඔවුන්ගේ දායකත්වය ලබාදීම අත්‍යවෂ්‍යවූ දෙයක් වූ බවයි.

වන මැද  අරගලය අවසන් කොටස සමගින් හමුවෙමු

පුන්‍යානුමෝදනාව :-

මේ සඳහා මා දිරිමත් කරන කමාන්ඩෝ රෙජිමේන්තු අධිපති තුමන් වන

මේජර් ජෙනරාල් ශානක රත්නායක ජ්‍යේෂ්ඨ නිලධාරි තුමන්,

මේ විසිරි ගිය මතක සිතුවම වර්ණ ගන්වන්වන්නට සිය වටිනා කාලය යොදවමින් මාහට නිවැරදි තොරතුරු ලබාදෙමින් මේ මතක සිත්තම වර්ණ ගන්වන්නට  මතකය අවදි කරමින් උපකාර කල..

ජෙනරාල් ක්‍රිෂාන්ත ඩී සිල්වා හිටපු යුධ හමුදාපති තුමන්.

මේජර් ජෙනරාල් උපාලි රාජපක්ෂ ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් මෙන්ම 

නිතර මා නිවැරදි මගට හා මෙම ලිපි පෙලෙහි සමබරතාව මෙන්ම  ගුනාත්මක බව පවත්වාගෙන යාමට  මා යොමු කරවන කර්නල් සුජිත් ජයසේකර නිළධාරි තුමන්,

මේජර් නිශ්ශoක සේනාධිපති නිළධාරි තුමන්,

කර්නල් ජනක රිටිගහපොල නිලධාරී තුමන්,

යන ගෞරවනිය ජ්‍යේෂ්ඨ නිළධාරි තුමන්ලා වෙතද..

මේ ලිපි පෙළෙහි නිවැරදි තොරතුරු තහවුරු කිරීමෙහිලා නිර්ලෝභිව මහත් උද්‍යෝගිමත්ව උපකාරිවු

බළලත් නිලධාරි I යු.ඩබ්.ඒ.ඩී ඉන්දික (ඇෆ්ගන් නොහොත් කඳිරා)

බළලත් නිලධාරි II කුයින්ටස් යු.ඒ.ඩී එච්.එස්.

බළලත් නිළධාරි II පෙරේරා ඕ.යු.එස්.

කෝප්‍රල් ගුණසේකර ජී.එම්. ද,

නම ප්‍රකාෂ කිරීමට අකමැති නමුත් මෙම ලිපිපෙලෙහි වැඳගත් කම අගයමින් තොරතුරු ලබා දෙමින් මාදිරිමත් කල නිළධාරී සෙසුනිල සියළු දෙනා හටද.

මේ ලිපියේ සහිත්‍ය රසය මතු කිරිමෙහිලා උපකාර කරමින් සහය දක්වන බන්දුල දසනායක සොයුරා මෙන්ම කරුනාරත්න සී.ඩබ්. සොයුරාට ද,

මුල් කවරය සකසා දුන් නෙත්මිණි කරුණාරත්න ආදරණිය දියණියටද මෙම ලිපිපෙල පළවන තුරු බලා සිට නොවරදවාම වචනයකින් හෝ මා දිරිමත් කරන අග්නි පාඨකයින් හට පුද කරමි.

මේ ලිපිපෙලෙහි කතෘත්වය හා අයිතිය මා සතු අතර, මේ ලිපියෙහි කොටස් මාගේ අවසරයකින් තොරව උපුටා ගැනිම තහනම් වන අතර, බොහෝ දුෂ්කර මේ ගවේෂනයේ ඇස නොගැටුන හෝ නිවැරදි කිරීමක් වේනම් සිත් රිදවා නොගෙන එය නිවැරදි කිරිමට පහත මාගේ දුරකථන අංක අමතා එය නිවැරදි කිරිමට සහය වන මෙන් කරුනාවෙන් ඉල්ලා සිටිමි.

☎ 0773378256

      0712232491

Whatsapp 0773378256

එල්.අර්‍.ආර්.පී කන්ඩායම් පැරණි  චායාරූප ඔබ සතුනම් මාවෙත යොමු කරන්න. ස්තුතියි 

ඔබ මේ ලිපිය කියවා රසවිඳ යම් සතුටක් දැනුමක්‌ ලැබුවානම් මගේ අග්නි නම් පිටුව වෙත ලයික් කර මා දිරිමත් කිරිමටත් ඔබේ වටිනා අදහස් එහි ලිය එවන මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි

Saturday, December 23, 2023

Thursday, December 21, 2023

ලේක්හවුස් ගොඩනැගිල්ල මුදවාගැනීමේ මෙහෙයුම

ලංකාවේ ප්‍රථම ප්‍රාණ ඇපකරුවන් මුදවාගැනීමේ මෙහෙයුම  ලේක්හවුස්  ගොඩනැගිල්ල මුදාගැනිම බවට වන කථාව විවාදිතය.

ඒ වර්ෂ 1988 හෝ 89 වසරේ කටුනායක ගුවන් හමුදා කදවුරට ජනතා විමුක්ති පෙරමුනේ කැරළිකරුවන් පහරදී හෙලිකොප්ටර් යානාවක් පැහැරගැනිමට  යැයි කියා පැය කිහිපයක් ඔවුන්ගේ පාලනයේ ගුවන් සෙබළුන් හා ගුවන් හමුදා කදවුර තබාගෙන සිටි අතර,ගුවන් හමුදා කදවුර  මුදවා ගැනීමට ගනේමුල්ලේ සිටි ප්‍රාණ ඇපකරුවන් මුදවා ගැනීමේ කණ්ඩායමක් ඒ ස්ඳහා කටුනායක වෙත  ගොස් කටුනායක අන්තර්ජාතික ගුවන් 

තොටුපලේ ස්ථානගතව ඒවනවිටත් ගලවා ගැනිමේ මෙහෙයුමට එහි රදවා තිබුන   හෙලිකොප්ටර් යානා දෙකක් මගින් ගොස් ගුවන් හමුදා කදවුර මුදවාගැනිම මෙයට පෙර සටනකින් තොරව සිරවී සිටි ගුවන් හමුදා සෙබළුන් ගලවාගත්  මුදවාගැනිමේ මෙහෙයුමක් සේ සළකන නිසාය. එහිදි කමාන්ඩෝ සෙබළුන් සහිත එම හෙලිකොප්ටර් යානා  දෙක ගුවන්ගතව ඒ වෙත ලගාවී ගුවන් හමුදා කදවුරට කඩාපනිනා විට  අදුරේම එහිවූ  කැරළි කරුවන් පළගොස් තිබුන බැවින්  

කිසිදු උන්ඩයක් වැය නොකර ගුවන් හමුදා කදවුරේ සිටියවුන් ගලවාගන්නා ලදි.ඒ ක්‍රියාන්විතයේදි  එම එක් හෙලිකොප්ටර් යානයක සිටි ගලවාගැනිමේ සාමාජිකයෙකු ලෙස මාද සක්‍රීයව එම ක්‍රියාන්විතයට  සහභාගි වූයෙමි.

කටුනායක ගුවන් හමුදා කදවුර ගලවා ගැනීමේ මෙහෙයුම ඉතාමත් සැළසුම් සහගත මෙන්ම කෙටිකාලයක් තුල සුදානම්ව ක්‍රියාත්මක් කල මෙහෙයුමක් වූ අතර එදා එයට අණ දුන් එවකට මේජර්, විශ්‍රාමික මේජර් ජෙනරාල් නිර්මල් කොස්වත්ත මහතා  ක්‍රියාන්විත භූමියට යමින් කටුනායක ගුවන් යානා අංගනයේ නතරකල ජංගම  මෙහෙයුමි මැදිරියේ සිට සියළු ක්‍රියාන්විත අවශ්‍යථාවන් සම්භන්ධිකරනය කරමින් ඉදිරියේ වූ සිය සගයන්ට  ශක්තීයක් වීමට එම ක්‍රියාන්විතය ආරම්භකල මොහොතේ  සිට සෘජුවම එයට සම්භන්ධවී සිටියාය.එම ක්‍රියාන්විත කන්ඩායමට නායකත්වය දුන් එවකට ලුතිතන් විශ්‍රාමික මේජර් නිශ්සංක සේනාධිපතිට සිය මෙහෙයුම කරගෙන යෑමට අවශ්‍ය සියළුදේ එහි විය.

සර්ථක ගලවා ගැනිමේ මෙහෙයුමක අවසානයේ වාර්ථා කරුවන්ට පිටුපසින් සිටි මේජර් කොස්වත්ත ක්‍රියන්විතය අවසානයේ පුවත්පත් හා රූපවාහිනි වාර්ථා කරුවන් ඉදිරියේ විස්තර විචාරය  කරන්න ගියේ නැත.ඒ වෙනුවට ඔහු නිහඩව සිය පෙජරෝ රථයේ නැගී ගනෙමුල්ල බලා පිටත්විය. ක්‍රියාන්විතයට සහභාගිවූ ලුතිතන් සේනාධිපති ජනමාධ්‍ය ඉදිරියට ගියෙත් නැත. ඔහුද නිහඩව ගුවන් හමුදා කදවුර තුලට ගෙන්වාගත් පෙජරෝ ජීප් රථවල නැගී සිය කන්ඩායම සමග  ගනේමුල්ල කදවුර වෙත පැමින විවේකගන්න විය.

ඒ ඔවුන් සෑබෑලෙසම ඒ ක්‍රියාන්විතයේ සිටි නිසාය.එය එක් කමාන්ඩෝ රාජකාරියක් සේ සෑලකූ නිසාය.

එදවස එය එසේ වෙත්දී   ලේක්හවුස් ගොඩනැගිල්ල ගලවා ගැනීමේ ප්‍රහාරය පලමු මුදවාගැනිමෙන් වෙනස් වන්නේ මෙහි ප්‍රාණ ඇපකරුවන්  ඒවන විට ඉවත්ව ඒ තුල කිසිවෙකු නොමැතිව වුවද ප්‍රාණ ඇපකරුවන් කිසිවෙකු හෝ රදවාගෙන සිටියි යන අනුමානයෙන් ඉදිරියට ගොස්  මරාගෙන මැරෙන ඇදුම් ඇගලාගත් ත්‍රස්තවාදින්  සොයාගෙන ඔවුන් සමග නිර්භයව මුහුනට මුහුනලා  සටන් කර ඒතුලම ඔවුන්

මරාදමමින් ගොඩනැගිල්ල මුදවා ගැනිම ප්‍රාණ ඇපකරුවන් මුදවාගැනිමක්  ලෙස පුවත් පත්වල පලවන වාතාවරනයකය.

කමාන්ඩෝ  රෙජිමේන්තුවේ ප්‍රාණඇපකරුවන් මුදවාගැනීමේ කන්ඩායමක්  ත්‍රස්තවාදින්ගේ ආධිපත්‍යයේ තබාගෙන සිටි ගොඩනැගිල්ලක් වීරෝධාර ලෙස සටන් කර  මුදවාගැනිමේ ක්‍රියාන්විතය හා බැදුන එහිදී සිදුවුන නොකියවුන සත්‍යම කතාව   කීමට හා  පුවත්පත් වල වාර්ථා වුන දෙයට එහාගිය මරණ බියෙන් ගිනියම්  වූ වන් හා නිර්භයව සටන් සිදුකල අන්දම සටනේ සත්‍යලෙසම සිටි අයගේ මුවින් එදා නොකියවුන දෙය  අග්නියේ අකුරු සිත්තමෙන් ඔබට විඳිමටයි  මේ ඇරයුම..

වර්ෂ එක්දහස් නවසිය අනුහත වසරේ අවසන් භාගය ගෙවෙමින් තිබුනි. අතිගරු ජනාධිපතිනිය චන්ද්‍රිකා කුමාරතුංග මැතිනිය ගරු ආරක්ෂක ඇමති අනුරුද්ධ රත්වත්තේ හා යුධහමුදාපති ලුතිතන් ජෙනරාල් රොහාන් දළුවත්ත යන සුසංයෝගයෙන් ත්‍රස්තවාදය අවසන් කිරීමේ 

අරමුනින් හමුදා ක්‍රියාන්විත ආරම්භ කර තිබුනි.

මේ අනුව වන්නිය මුදවා ගැනීමට දියත් කල ජයසිකුරු මෙහෙයුමේ නිරත හමුදා භඨ කන්ඩායම් ත්‍රස්තවදින්ට හුස්ම ගැනිමට  ඉඩනොතබමින් දරුණු ලෙස පහර දෙමින් වේගයෙන් ඉදිරියට ඇදෙමින් තිබින.මේ යුද්ධය නතර කිරීමට නම් ශ්‍රී ලංකා රජයට ආර්ථික වශයෙන් හානී සිදු කිරීම අන්තර්ජාතික වශයෙන් ඔවුන් හුදකලා කිරීම මගින් රජයේ හමුදා මෙහෙයුම් නතර කරවා බඨ පිරිස් කොළඹ තදාසන්න ප්‍රදේශ වල හා මර්මස්ථාන වල ස්ථානගත කරවා හමුදාවේ ඉදිරි ගමන අඩාල කිරිම ප්‍රභාකරන්ගේ සැළැස්ම වීය. එහි දිගුවක් ලෙස මෙයට මාස විස්සකට පෙර එනම් 1996 ජනවාරි 31 දින කොළඹ මහ බැංකු මූලස්ථානයට ප්‍රහාරයක් එල්ල කර ආංඩුවට පීඩනයක් එල්ල කල අන්දමටම යමක් සිදුකිරීම මේ ත්‍රස්තවාදින්ගේ සැලසුම වූයේ ඒ වන විටත් රටවල් ගනනාවකින් ශ්‍රී ලංකා රජයට ආධාර කිරිමට ඉදිරිපත්වී තිබු පසු බිමකයි.

වර්ෂ 1997 ඔක්තෝම්බර් 17 වැනි දින වප් පුන් පොහෝ දිනය එළඹෙනි.වෙනදාට ලේක් හවුස් වට රවුම ආසන්නයෙන් මාර්ගය මාරුවිමට විශාල පදිකයින් පිරිසක් වූවත් මේ නිවාඩු දිනයේ මාර්ගයන් සියල්ල හිස්වී තිබු අතර.සම්බුද්ධා ලෝක විහාරය සිල් සමාදන් වීමට පැමිනි සැදැහැවතුන්ගෙන් පිරි තිබෙනු දක්නට ලැබිනි ඒ ආසන්නයේ වූ ගලදාරි හිල්ටන් යන හෝටල් වල කාමර විදේශිය සංචාරකයින්ගෙන් පිරි ඉතිරි  තිබිනි.

කොළඹ ලේක්හවුස් ගොඩනෑගිල්ලේ වහලයේ සවිකර ඇති ඔරලෝසුවේ යන්තමින් හතේ කනිසම සටහන් වෙමින් තිබියදී ලෝටස් පාරෙන් වේගයෙන් පැමිනි ඉංදියාවේ නිෂ්පාදිත 1210 වර්ගයේ කහපාට චැසියකින් හා ඇළුමේනියම් බොඩියකින් 

සමන්විත ලොරි රථය පැමිනි වේගයෙන්ම දකුණට හරවා සම්බුද්ධ විහාරය හා ගලදාරි හෝටලය හා බේරේ වැවට සමිපයෙන් ඇති එම හෝටලයේ ක්‍රීඩා සංකිර්ණය යාකරමින් ගුවනින් සම්භන්ධවන ගුවන් පාලම පසුකර ගලදාරි හෝටලය වෙත පිවිසෙන පිවිසුමට මුහුනලා එහි පහත හෙලා ඇති ගැල්වනයිස් බටයක් සම්බන්ධ කර තිබුන මාර්ග භධකය ඉදිරියේ නතර කරන්නට විය. බැළු බැල්මට එහි වූයේ සහල් පැකට් අසුරා ඇති බවකි. මේ ලොරිය සමිපයට බියෙන් හා චකිතයෙන් පැමිනි ආරක්ෂක නිළධාරියාට පැහැදිලි සිංහලෙන් අප කිසිවෙකුට කරදර කිරිමට නොව වෙනත් අවශ්‍යථාවයක් සපුරා ගැනිමට  පැමිනි බව පවසත්දී.එයින් පිටතට පැමිනි කැප් තෝප්පියක් නොමැතිව හමුදාවට සමාන නිළ ඇදුමක් ඇද සිටි හා අඩක් හමුදා නිළාඇදුමින්ද උඩුකය,ටී,ෂර්ට් වලින් සැරසී හා ඩෙනිම් රෙදිවලින් සකස්කල මරාගෙන මැරෙන බෝම්බ ජැකට්  සමග ඒවා අවර්ණය වන්නට උඩින් සිවිල් ඇදුමින් සැරසුන අවිගත් සිව්දෙනෙක්  මුරහලේ ආරක්ෂක රාජකාරියේ සිටි ආරක්ෂකයින් තිදෙනා ඉලක්ක කර වෙඩි ප්‍රහාරයක් දියත් කරන්නේය. ඉන්  යුධ නවික හා පොලිස් විශ්‍රාමික නිරායුධ  ආරක්ෂක නිළධාරින් තිදෙනෙකු එම ස්ථානයේදීම මරණයට පත්වන්නේ සිදුවූයේ කුමක්දැයි වත් නොදැනය. තවත් විනාඩි දහයත් පහලොවත් අතර කාළයකදී  හතර අතට වෙඩි තබමින් පිටතට පැමිනි ත්‍රස්ත

වාදින් ගලදාරි හා හිල්ටන් යන හෝටල් දෙකෙහි මායීම තෙක් ගෙනගොස්  

නතර කර තිබුන ලොරි රථය පුපුරවා හරින්නේය .එම පිපිරීම කොතෙක් බළවත් වීද යත්.එම පිපිරීමේ කම්පනයෙන් අවට හෝටල් සියල්ලේම වහලයේ වූ සිවිලිම් හා ජනේල කඩාගෙන බිමට වැටි තිබුන අතර එම,පිපිරීමේ හඩ කටුනායක , යක්කල,බියගම, පාදුක්ක, යන ප්‍රදේශවලටද ඇසී තිබිනි.මෙයින් නොනැවතුන ත්‍රස්තයන්  ලොරි රථය පැමිනි ලෝටස් මාවත  දිශාවටම වෙඩිතබමින් දිවයත්දී සම්බුද්ධාලෝක විහාරාධි පතින් වහන්සේ වන විතාරන්දෙනියේ චන්ද්‍රජෝති නායක ස්වාමින්ද්‍රයන් සිල්සමාදම් වීමට පැමින පිපිරීම් හඩින් හා වෙඩි හඩින් බියවී සිටින සිය දායකයන් අස්වසමින් විහාරස්ථානයේ ප්‍රධාන 

දොරටුව වෙත පැමිනියේ සිදුවන්නේ කුමක්දැයි දෙනෙතින් දැකගන්නටයි නමුත් උන්වහන්සේ කිසිවිටකත් නොසිතන්න ඇති මේ ප්‍රහාරය දියත් කරන්නේ සිත්පිත් නැති ලේ සුවද සොයනා ම්ලේච්යින් පිරිසක් විසින් බව පිටතට එබිබලන ස්වමීන් වහන්සේ දුටු එක් ත්‍රස්තයෙකු උන්වහන්සේහට වෙඩි ප්‍රහාරයක් එල්ල කල අතර ඉන්  උන්වහන්සේගේ පාදයට වෙඩි වැදි බිම ඇදවැටෙන අතර  ස්වමින් වහන්සේ හා පංසල ඉලක්ක කර දිවයන ගමන්ම  අත්බෝම්බයක් දමා ගසන අතර ඉන් බරපතළ තුවාල ලබන 

විතාරන්දෙනියේ චන්ද්‍රජෝති නායක හිමියන් එම ස්ථානයේම අපවත් වන්නේය.

ලේක්හවුස් වටරවුමට පිවිසි මේ ත්‍රස්තයන් රේල් පාර පනිමින්  ඔවුන්ට වම් පසින් වන විෂාල ගොඩනැගිල්ලේ පිටුපසින්  විවරව ඇති ද්වාරයෙන් එයට ඇතුල්වීමට උත්සහ කරමින් ඒවෙත ගමන් කරන්නේය. මෙම

මොහොත වනවිටත් හදිසි අවස්ථාවකදි ක්ෂනිකව ක්‍රියාත්මක වීමට කොළඹ මැලේවිදියේ ස්ථානගත වී සිටි 17 ආරක්ෂක බළමුළුවේ  QRT(ක්ෂනික ප්‍රථිචාර දැක්වීමේ කන්ඩය)ඔවුන් සතු අධිවේගී මෝටර් සයිකල් වලින් පැමින ලේක් හවුස් ගොඩනැගිල්ල හා ඒ අවට ප්‍රදේශය ආවර්ණය වනසේ සම්පූර්ණයෙන්ම සීල් වනසේ  වටලන්නේ ත්‍රස්තවාදින් කිසිවෙකුටත් පලායෑමට ඉඩ නොතබමින්ය.

මෙහිදි එම හමුදා භඨයෙකු හා වන 

ගැටිමකදි එහිසිටි හමුදා සෙබළුන් තබන වෙඩි ප්‍රහාරයකට ගොදුරුව එක් ත්‍රස්තවාදියෙකු රේල්පාර අසල මහමග මැරි වැටෙන අතර ඉතිරි තිදෙනා වෙඩිතබනගමන් ඉදිරියට දිවයමින් ලේක්හවුස් ගොඩනැගිල්ලට පිටු පසින් ඇතුල් වන්නේය.

නිවාඩු දිනයක් වුවත් මෙදින පනහක් පමනවූ  සීමිත සේවකයින් සාංඛ්‍යාවක් සේවයට වාර්තා කර තිබුන අතර සිය ජීවිතය ගලවා ගැනිමට නොමැතිනම් මරාගෙන මැරිමේ අභිලාශයෙන් යුතුව  කුමක් හෝ අවිනිශ්චිත හේතුවක් මත මේ ත්‍රස්තවාදින් ලේක්හවුස් ගොඩනැගිල්ල තුලට ඇතුල්ව එහි සිටි සේවකයන් හා මුසුව සැගවෙන්නේය. මෙහිදී මාගේ මතකයට එන එක් සිදුවීමක් වන්නේ මාද  සහභාගිවු කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලට එල්ල කල ප්‍රහාරයට නායකත්වය දුන් ත්‍රස්තවාදියා පලාගොස් තිබුනේ උඩින් ඇදසිටි නිළ ඇදුම උනා දමා එයට යටින් වූ සිවිල් ඇදුමෙන් ගුවන්‍ යානා පර්යන්තයේ සේවකයන් හා මගින්ට මුසුවීමෙන් බව සිහියට  නැගීමෙනි. නමුත් එවැන්නක් මෙහිදී මෙම ත්‍රස්තවාදින් හට කල නොහැකි වූවත්.පසුව මෙම ක්‍රියාන්විතයේ බර වැඩිකිරිමට මාධ්‍ය විසින් මෙය නෞවුක හමුදා මුළස්ථානය හා ගුවන් හමුදා මුළස්ථානය එහිසිට පාළනය කිරිමට එසේ එයට ඇතුල්වීම සිදුකල බව පුවත් මැවුනද ඒ මුලස්ථානයන් දෙක හා ලේක් හවුස් ගොඩනැගිල්ල අතර වන දුර සලකා බැලිමේදි ත්‍රස්තවාදින් තිදෙනෙකුට එවන් දෙයක් කල හැකිබව ඉවත හල යුතු තර්කයක් බව මගේ හැගීමයි.

එහිදී ලේක්හවුස් සේවකයන් හා මුසුවුන ත්‍රස්තයන් එහි සිටිනා පිරිස අමතමින් පිපාසයට ජලය බීමට තැනක් අසන්නේය. එමගින් ඔවුන් පත්ව සිටි අසරණ බව මිස ප්‍රාණ ඇපයට මිනිසුන් රදවා ගැනිමේ තැතක් එහි නොවු බව මගේ හැගිමයි. එහිදි එක් අයෙක් මෙම ත්‍රස්තවාදීන් හට ජලය ඇති නානකාමරයක් පෙන්වා සිටින අතර ඔවුන් ජලය පානය සදහා එයට වැදෙනා අතර තුරදී ඔවුන්ගෙන් මිදි පිටතට පලායන අතර පිටතදි හමුවන ආරක්ෂක අංශ සාමාජිකයින් හට ඇතුලත විස්තර පවසන්නේය.මෙම නාටකය  පෙරවරු එකොලහ පමණ වනවිට  මෙලෙස රඟදැක්වෙමින් තිබින.

මෙම වකවානුවේදී කමාන්ඩෝ රෙජිමේන්තුවේ පළවන කමාන්ඩෝ රෙජීමේන්තුව සදහා දිවංගත  එවකට ලුතිතන් කර්නල් නිළය හොබවන ලද මේජර් ජෙනරාල් සමන්ත සූරියබන්ඩාර මහතා අනදෙමින් සිටි අතර ඔහුගේ දෙවන අණදෙන්නා ලෙස එවකට මේජර් විශ්‍රාමික මේජර් ජෙනරාල් උපාලි රාජපක්ෂ මහතා කටයුතු කරන ලදි.පසුමූලයේ සිට සියළු පාලන හා ක්‍රියාන්විත සම්භන්ධීකරන  කටයුතු විධායක අධිකාරි ලෙස එවකට කපිතාන් වරයෙකුවූ විශ්‍රාමික මේජර්  චින්තක දිසානායක විසින් සිදු කරන ලද අතර විශාල ලෙස විකාශය වී නොතිබුන කමාන්ඩෝ රෙජිමේන්තුවේ ප්‍රාණ ඇපකරුවන් හා ප්‍රථිපැහැරගැනීමේ කන්ඩායම හා සටන් සුනඛ අංශය පළවන කමාන්ඩෝ රෙජිමේන්තුවේ අණ හා පාළනය යටතේද, කමාන්ඩෝ පුහුණු පාසල දෙවන කමාන්ඩෝ රෙජිමේන්තුව යටතේද පාළනය විය.

ජයසිකුරු ක්‍රියාන්විතයේ ඕළු මඩු නගරය අත්පත් කර ගැනීමේ සටන දින තුනක් පුරා පලවන හා දෙවන කමාන්ඩෝ රෙජිමේන්තුව එක්ව ත්‍රස්තවාදින්ගේ ප්‍රහාරක රැළි කිහිපයක් ව්‍යර්ථකරමින්  සටන් කර ඔවුන් පරාජය කර එම නගරය අත්පත් කරගැනිමෙන් අනතුරුව පාබළ හමුදාවන්ට ඉදිරි ආරක්ෂක වලල්ල භාරදී මේ රෙජිමේන්තු දෙක මදක් පිටු පසටවී  විවේක ගනිමින් ප්‍රථිසංවිධානය වන්නේ මීළග ක්‍රියාන්විතය සදහායි. එහි අණදීම හා පරිපාළන කටයුතු දෙවන අණදෙන නිළධාරි වන මේජර් උපාලි රාජපක්ෂ හට පවරමින් අණදෙන නිළධාරි කර්නල් සමන්ත සූරියබන්ඩාර  නිවාඩු ලබා කොළඹ බලා පිටත් වන්නට විය.මෙයට සමාන්තරව කටුනායක ගුවන්තොටුපලේ ස්ථානගත කර තිබූ ප්‍රාණ ඇපකරුවන් හා ප්‍රථිපැහැර ගැනීමේ කන්ඩායමේ  නිළධාරි ලෙස ක්‍රියාකල එවකට කපිතාන් විශ්‍රාමික මේජර් ප්‍රියංක තෙන්නකෝන්ද සිය පෞද්ගලික හේතුවක් මත නිවාඩු ලබා බන්ඩාරවෙල  සිය නිවස කරා ගොස් සිටි අතර ඔහු වෙනුවට එම කන්ඩායමේ වැඩ බැලීමට පත්කර තිබුනේ එවකට ලුතිතන් වරයෙකු වූ ක්‍රියාන්විතයකදී තුවාල ලබා ගනේමුල්ලට වාර්ථා කර සිටි විශ්‍රාමික මේජර් ඉමදුව විතානයි.

ප්‍රාණ ඇපකරුවන් මුදවා ගැනිමේ පාඨමාළවක් හදාරා නොතිබුන මෙම  නිළධාරීයාව   පවත්නා ක්‍රියන්විත අවශ්‍යථවය මත හා අනෙකුත්  සෑම නිළධාරියෙකුම ක්‍රියාන්විත සදහා සහභාගීවි ඇති මොහොතක අනුප්‍රප්තිකයකු ලෙස පිටත්කර හරිනවා හැර විධායක අධිකාරී කපිතාන් චින්තක දිසානායකට වෙනත් විකල්පයක් නොවුවත් ප්‍රාණ ඇපකරුවන් මුදවාගැනිමේ පාඨමාළව හදාර තිබුන කපිතාන් චින්තක දිසානායක හදිසි අවස්ථාවකදි පසු මූළයේ සිටිනා ප්‍රාණ ඇපකරුවන් මුදවා ගැනිමේ කන්ඩායම සමග ඕනෑම මොහොතක එක්වීමේ සුදානමින්  සිටියේය.

පසුදිනය නිවාඩූ දිනයක් බැවින් බොහෝ නිළධාරි නිවස්න වල රාත්‍රී කාළය  විනෝදයෙන් ගතකිරිමට  වෙන් කරගන්නේය.එය සීමාවකට අනුව කරන්නන්  කලින්ම විනෝදවීම අවසන්කර ආහාරගෙන නින්දට වැටුනද විනෝදය  ජීවිතය කරගත්තන් ආහාර නොසලකා හරිමින් එදින එලිවෙන තුරු විනොදවෙමින්  ගතකර පසු දින දහවල් වෙනතුරු නින්දට වැටීම සිදු කරයි.මෙය බොහෝ හමුදා නිළධාරි මෙන්ම ජ්‍යේෂ්ඨ කොමිෂන් නොලත් නිළධාරින්ගේ නිවස්නවලද සිදුවන  සමාන්‍ය තත්වයකි.

පෙරදින බොහෝ තැන්වල තත්වය  එසේ සිදුවත්දී කොළඹ මෙදින ඇතිවු හදිසි අවස්ථාව මත යුධහමුදා මුලස්ථානයෙ ක්‍රියාන්විත මැදිරිය තුල ක්‍රියාකාරීව සිටි යුධ හමුදා පති ඇතුළු ක්‍රියාන්විත අධ්‍යක්ෂක මණ්ඩලයේ නිළධාරින් අදාළ ස්ථානයේ තත්වය සමාලෝචනය කරමින් එහි සිටින හමුදා කන්ඩායම් සදහා උපදෙස් නිකුත් කරමින් සිටිත්දී.ක්‍රියාන්විත මැදිරියේ සිටම යුධ හමුදාපති ලුතිතන් ජෙනරාල් රොහාන් දළුවත්ත ත්‍රස්තවාදින් ලේක්හවුස් ගොඩනැගිල්ලට ඇතුළුව එහි සේවකයන් ප්‍රාණ,ඇපයට ගෙන ඇතිබව සැලකීමට ගෙන ජනාධිපති තුමියගෙන් ප්‍රාණ ඇපයේ සිටිනා අයවේනම් ඔවුන් මුදවා ගැනිමට ඒ සදහා ඕනෑම මොහොතක සූදානමින් සිටිනා කමාන්ඩෝ ප්‍රාණ ඇපකරුවන් මුදවාගැනීමේ  කන්ඩායම යෙදවීමට  අවසර ලබාගන්නේ පනහට පනහා අවදානමද සහිතවය.

පෙරවරු අටට පමන ගණේමුල්ල කදවුරේ විධායක නිළධාරීගේ දුරකථනය  නාදවෙත්දී  පළමු නාදයත් සමගම රිසිවරය අතට ගත් කපිතාන් චින්තක දිසානායක හට යුධ හමුදා මුළස්ථානයෙන් කොළඹ සිදුවී ඇති සිදුවීම පිළිබදව දැනුවත් කර එය අණ දෙන නිළධාරි හට දන්වා ප්‍රණ ඇප කරුවන් මුදවාගැනීමේ කන්ඩායම කඩිනමින් මුදවා ගැනිමේ ක්‍රියාන්විතයක් සදහා සූදානම් කරන ලෙස දැනුම් දෙන්නේ  කටුනායක සිටිනා මුදවාගැනිමේ කන්ඩායම රැගෙන ඒමට ගුවන් හමුදාවේ හෙලිකොප්ටර් යානාවන් දෙකක් එහි යවන බව පවසමිනි.

විධායක අධිකාරී විසින් සිය අණදෙන නිළධාරී  දුරකථනයට ගනිමින් මේ බව දැනුවත් කිරීමට උත්සහ ගත්තද එම දුරකතනය ක්‍රියාවිරහිතව තිබුනි එම උත්සහය ව්‍යර්ථවූ තැන විධායක අධිකාරි  කපිතාන් දිසානයක විසින්  ක්‍රියාන්විතයේ සිටිනා සිය දෙවන අණදෙන නිළධාරී මේජර් උපාලි රාජපක්ෂව ගුවන් විදුළි පනිවිඩ හුවමාරු යන්ත්‍රයෙන් සම්හන්ධ කරගන්නේ ඉදිරි උපදෙස් ගැනීම සදහාය.

මේජර් රාජපක්ෂගේ කඩිනම් එහෙත් පැහැදිලි පිළිතුර හා උපදෙස වූයේ දැන්  මෙයට කන්ඩභාර නිළධාරියා සම්භන්ධකරගෙන  ගෙන්වීම අපහසු කරුනක් වන බැවින් ප්‍රාණ ඇපකරුවන් මුදවාගැනීමේ පාඨමාළාව හදාරා එම මෙහෙයුම් සදහා පළපුරුද්දක් ඇති ගනේමුල්ලේ සිටිනා එකම නිළධාරියා ලෙස කපිතාන් දිසානායකට ගනේමුල්ලේ සිටිනා කන්ඩායම සමග ගොස් යුධ හමුදා මුළස්ථානයේදී කටුනායකින් පැමිනෙන  කන්ඩායම හා එක්ව ගලවාගැනිමේ මෙහෙයුමට නායකත්වය ලබාදී ප්‍රාණ ඇපකරුවන  මුදවාගැනීමේ ක්‍රියාන්විතය සිදුකරන ලෙසයි.

කටුනායක ගුවන් තොටුපල....

උදෑසන ශාරීරික අභ්‍යාස නිමකර නාන කාමරයට වැදුන සැරයන් චන්දන වැදිසිංහ හොදින් නාගෙන ගුවන් ධවන පථය දෙස බලාගෙන සුපුරුදු ලෙස දහවල් කාළයේ ලැබෙනා උණුසුම් කිරිතේ කෝප්පයක් තොලගාමින් ගුවන් ගතවන ගොඩබස්වන ගුවන් යානා දෙස බලමින් සිටියේය.

වේලාව පෙරවරු එකොලහ පමණ වී තිබුනි.

ගුවන් හමුදා කදවුරෙන්  හෙලිකොප්ටර් යානාවන් දෙකක් එකවර ගුවනට  නැගෙනු බලාසිටි  මෙම සැරයන්වරයාට ඉවෙන් මෙන් එහි වෙනසක් ඇති බව හැගෙත්දි  ඔවුන්ගේ භඨ නිවාසයේ දුරකථනය නාදවෙනුත් එම ඇමතුම ගත් කෙනා විසින් .....

''සාජන් ඇජුටන්ගෙන් කෝල් එකක් '' යනුවෙන් අමතනුත් ඇසී දුරකතනයට ගියවිට

කපිතාන් චින්තක දිසානායක වෙතින් සියළු තොරතුරු ලබාගත් චන්දන සිය කන්ඩායමට  කාඩිනමින් සුදානම්ව ලෑන්ඩ් රෝවර් රථ වෙත නගින්නට උපදෙස් දෙමින් හා ගුවන් තොටුපල පර්යන්තයේ රාජකාරියේ නියුතු කන්ඩායම ආපසු කැදවමින් කටුනායක ඉතිරි උපකරණ හා කන්ඩායමක් සමග නතරවන සෙනින්ගේ ජ්‍යේෂ්ඨතමය හට උපදෙස් ලබාදෙමින් ගනේමුල්ලෙන් ලැබෙන උපදෙස් වලට පිටින් වන කිසිදු නියෝගයක් නොපිළිපදින ලෙස දන්වා ඒ වනවිටත් වාහනවලට කළුපැහැති ඔවරෝල් වලින් සැරසි අවිසහිතව සිටිනා සිය කන්ඩායම සමග එක්වෙමින් ගුවන් හමුදා හෙලිකොප්ටර් යානාවන් දෙක ගොඩ බස්වන ස්ථානයට ලගාවී සිටියේ පළපුරුදු වෘතිය ප්‍රාණ ඇපකරුවන් මුදවා ගැනීමේ කන්ඩායමක ජීව ගුනය නොනැසී ඇතිබව පසක් කරවමිනි.

කටුනායක අන්තර් ජාතික ගුවන් තොටුපල ගුවන් පර්යන්තයට යාබදව වන ගුවන් තොටුපල ආරක්ෂකයින්ගේ නේවාසිකාගාරය අසල ක්‍රීඩාපිටියේ ඒ වනවිටත් අවරපෙති කැරකැවෙමින් තිබුන බෙල් 212 හෙලිකොප්ටර් යානාවන් දෙක වෙත ලුතිතන් ඉමදුව විතාන සැරයන් චන්දන හා කණ්ඩායම ගොඩවන විට  ඒ සමගම ඔවුන්ගේ ගමන් මළු හා හැකිලිය හැකි ඉනිමං ඇතුළු විශේෂ උපකරණ හෙලිකොප්ටරයට පැටවීමට යාමේදී ලෝඩ් මාස්ටර් මාර්ගයෙන් ගුවන් නියමුවා උපකරණ රහිතව කමාන්ඩෝ සෙබළුන කණ්ඩායම පමනක් ගුවන් යානයට ගොඩවෙන ලෙස දන්වා තිබුනි. එම ගැටළුවේදි එහි වූ නවක  කාණ්ඩ භාර නිළධාරියාවු ලුතිතන් ඉමදුව විතානට ඒ පිළිබඳව පිළිතුරක් දීගත නොහැකිව බලා සිටියදී සැරයන් චන්දන ගුවන් යානයේ ඉදිරිපස ගුවන් නියමුවන්ගේ කුටිය වෙත ගොස් ඒ උපකරණ ගෙනයෑමේ අවශ්‍යථාවය පහදන ලදි.

"සර්.. මේ උපකරණ නැතිව අපි ගිහින් එතනදි වෙන අපහසුතාවයේ වගකීම සර් ගන්නවා නම් මම මේ බඩු මොනවත් නැතිව වෙපන් එක එක්ක විතරක් යන්න එන්නම්".

"අපි යන්නේ රෙස්ක්‍යු මිෂන් එකකට ඒතනදි මොනවා ඕනවෙයිද නැත්ද කියන්න දන්නේ නෑ. ඒ දේ අවශ්‍ය වෙලාවට නැතිවුනොත් සර් ගෙන්න බෑ කිව්වා කියල කියන්න බෑ සර්. ඒ නිසා බඩු අඩුවෙන් මට යන්න බෑ".

මේ කැඳවුම් නියෝගය ජනාධිපති වෙතින් පහලට ආ එකකි. තවත් විරෝධතා කිසිත් නොමැතිව සියළුම උපකරණ සමගින් කමාන්ඩෝ කණ්ඩායම රැඟත් හෙලිකොප්ටර් යානාවන් දෙක ගුවනට එසවිය.

එයට සමගාමීව ඒවන විට ගනේමුල්ල කඳවුරේ පුණරීක්ෂණ පුහුණුවීම් හා ජීව වෙඩි තැබීම් සඳහා පැමිණ සිටි කණ්ඩායම හා විධායක අධිකාරී  කපිතාන් චින්තක දිසානායක ගොඩබිම් මාර්ගයෙන් කොළඹ බලා පිටත් වෙමින් තිබින.

ඔවුන් යුධ හමුදා මූලස්ථානයට ගොඩබසින විට ලේක් හවුස් ගොඩනැගිල්ල හා ඒ අවට ගිනියම් වෙමින් පැවතින. පහත මාලය වෙත  යුධ හමුදා භට කණ්ඩායමක් ඇතුල් වීමට උත්සාහ ගැනීමේදී එක් "එල්ටීටීඊ" සාමාජිකයෙකු හමුදා සෙබලෙක්ගේ කමිස කොලරයෙන් අල්ලා උඩට ඔසවා ගෑනීමට යෑමේදී හමුද සෙබලා සිය ගිනි අවියෙන් වෙඩි තැබීම නිසා ඔහුව අතහැර ත්‍රස්තයන් ගොඩනැගිල්ල තුලට පලාගොස් සැඟවී තිබුනි.

හමුදා කණ්ඩායම් වලට ඇතුල් වීමට නොදී ත්‍රස්තවාදින් පිටතට වෙඩි තබමින් සිටියාහ. එසේ තැබූ වෙඩිල්ලක සලකුණක් මේ මෑතක් වනතුරුත් ශ්‍රි සම්බුද්ධ ලෝක විහාරයේ චෛත්‍යයේ තිබූ බව මතකය.

හෙලිකොප්ටර් යානාවන් දෙක යුධ හමුදා මුලස්ථාන ක්‍රිඩංගනයට ගොඩබැස්ස විමෙන් පසුව සැරයන් චන්දන වටපිට බැළුවේ ප්‍රාණ ඇපකරුවන් මුදවා ගැනීමේ වගකීම ඇති තම රෙජීමේන්තුවේ වගකිව යුතු නිළධාරියෙකු උපදෙස් ලබාදීම සඳහා පැමින සීටීද යන්නයි.

කලබලයකින් තොරව සිය කණ්ඩායම පෙලගැස්සවූ සැරයන් චන්දන මුළින්ම සිය කන්ඩායමේ විශේෂ උපකරණ බිමදිගට පෙළගැස්ස වුයේ අමතක වූ යමක් ඇත්දැයි පරීක්ෂා කිරිමට වඩා කොහෙන් හෝ වගකිවයුතු කමාන්ඩෝ නිළධාරියෙකුගේ පැමිණීම බලාපොරත්තුවෙන් යුතුව එතෙක්  කල්මැරීමටය.

එසේ කිසිවෙකු මේ මොහොතේ  නොපැමිනීමට හේතුවක්ද විය. සැබැවින්ම මේ කාලවකවානුව වනවිට කමාන්ඩෝ රෙජිමේන්තු අධිපති කමාන්ඩෝ බළසේනාධිපති ඇතුළු සෑම කමාන්ඩෝ නිළධාරියෙකුම සෙබලෙකුම ක්‍රියාන්විත රාජකාරීන් සඳහා ක්‍රියාන්විත ප්‍රදේශවලට අනුයුක්තකර එයට සක්‍රීයව සහභාගී වෙමින් ඒතුල කොටුවී සිටි බැවින් පාලන රාජකාරීන් සඳහා පසු මූළයේ සිටි වගකිව යුත්තෙක් හෝ  යුද්ධයේදි  තුවාල ලබා වෛද්‍ය හේතුන් මත සිටිය අයෙක් මිස වෙනත් කිසිවකු වූයේ  නම් ඒ නිවාඩු ලබා පැමිණ සිටි අයෙකු පමණක්ම විය. ඉහත හේතුව මතම ප්‍රාණ ඇපකරුවන් මුදවා ගැනීමේ පාඨමාලාවක් වසර ගනනාවකින් පවත්වා නොතිබුන අතර එසේ පසුමූළයේ සිටියවුන්  අතරද ප්‍රාණ ඇපකරුවන් මුදවාගැනීමේ පාඨමාළාව හැදෑරූ අයෙකු සෙවිම අහම්බයක්ම විය. උසස් පෙල කමාන්ඩෝ පාඨමාළාවේ යන්තමින් හඳුන්වාදීමක් ලෙස කරන ප්‍රාණ ඇපකරුවන් මුදවා ගැනීමේ අභ්‍යාස සැබැවින්ම මෙවන් සැබෑ ක්‍රියාන්විතයකදී පලදායි ලෙස යොදාගැනිමට යෑම අණතුරුදායකය.

සිය කණ්ඩායමේ උපකරණ පරික්ෂාවෙන් පසුව කෙටි පුහුණු වීමක යෙදෙමින්  සිටි සැරයන් චන්දන වෙත පැමිණි යුධ හමුදා මුලස්ථානයේ නිළධාරියකු වන කර්නල් විකුම් සිරිවර්ධන ලේක් හවුස් ගොඩනැගිල්ලේ වත්මන් තත්වය පහදා දෙමින් ක්ෂනිකව ගලවා ගැනීමේ මෙහෙයුමක් මගින් එහි සිරවී සිටිනා සිවිල් ජනයා බේරා ගතයුතු බවට හමුදාපති ලබාදි ඇති නියෝගය පවසා සිටි අතර, ඒ වනවිට 112 බළසේනාවේ බ්‍රේගේඩියර් ගාමිණී ගුණසේකර පෞද්ගලිකවම එම ස්ථානයේ රැඳේමින් එම ගොඩනැගිල්ල වට කොට ත්‍රස්තවාදින් හට පලායෑමේ ඉඩ ප්‍රස්තාව අහුරා තිබිනි.

එහි පැමිණි නිළධාරියකු කමාන්ඩෝ කණ්ඩායමට කඩිනමින් ගොඩනැගිල්ල තුලට ඈතුළුවී ගලවා ගැනීමේ මෙහෙයුම ක්‍රියාත්මක කරන්නට බල කෙරිනි.

ගලවාගැනීමේ මෙහෙයුමක් යනු නිවසක් තුලට සර්පයෙක් පැමිණි පසු ඳන්ඩක් රැගෙන තඩිබා මරාදැමීම හෝ භූමිතෙල් ගසා එලවා දැමීම තරම් සරල කටයුත්තක් නොවිය. එහි සිදුවන සෑම චලනයක්ම විමසීමෙන් බලා සිදු කරණා සෑම කුඩා ක්‍රියාවක් පවා ඉතා සැලකීමෙන් යුතුව පරික්ෂා කර බලා සුදුසු අවස්ථාව එලඹි පසු ප්‍රහාරය දියත් කර ප්‍රාණ ඇපකරුවන් මුදවා ගැනීම එහි අවසන් පියවරයි.

එය සෑම විටම පාබළ හමුදාව සිදුකරන ක්‍රියාන්විතයකට වඩා වෙනස් වන්නේ එබැවින්ය.එහිදී කරන පෙරහුරු මගින් හා විවිධ තත්වයන් කළමණාකරනය කිරිමට ඔවුන්ගේ පුහුණුවෙන් ලබන සූදානමමත සෑම විටකම ක්‍රියාන්විතයේ සාර්ථක බව ඔවුන් ලඟාකර ගැනීම සිඳුකරයි.

එසේ වන එම පියවරයන් ගැනත්  සැලකිය යුතු කරුණු ගැනත් කිසිත් නොදත් උසස් නිළතල උසුලමින් ජනාධිපති හා යුධ හමුදාපති අණ නිකුත් කල සැනෙන් ප්‍රහාරය දියත්කල යුතුයි ඇදහූ අය කමාන්ඩෝ සැරයන් වරයා වට කොට ඔවුන්ගේ යෝජනා ඉදිරිපත් කරමින් ඔහුව ගලවා ගැනීමේ මෙහෙයුම උතුරේ සතුරු කඳවුරක් ඉලක්ක කර සිදුකරන පහර දීමක් සේ සලකා කමන්ඩෝ ගලවා ගැනීමේ කණ්ඩායම ප්‍රහාරයට යොමු කිරීමට බලපෑම් කරමින් සිටින්නට විය. එය මෙසේ විය යුතු යැයි පහදන්න හැකි බලපෑමක් කල හැකි කමාන්ඩෝ නිළධාරියෙකු ඒ මොහොතේ ඒ අසලකවත් නොවීය. 

ක්‍රියාන්විතය සිදුකරන්නේ නම් පිහිටවිය යුතු ක්‍රියාන්විත මැදිරිය තුල කිසිත් නොදත් යම් තිරණයක් ලබාදිය හැකි තරුණ ලුතිතන් වරයා තබා යෑමද පල රහිත ක්‍රියාවකි.

එය එසේ නිසාම වටකරගෙන සිදුකරන බලපෑම් වලට යටවීමට තරම් අඩු පරිනත බවක් නොතිබුන සැරයන් චන්දන ඔහුගේ පිළිගත හැකි ඉල්ලිම් ඉදිරිපත් කරන්න විය.

එහිදි එක් නිළධාරියෙකු එහි සිටි අය වෙත හැරී

"කමාන්ඩෝස්ලාට බැරිනම් මම මගේ මිනිස්සු දාලා ගහනවා".

නිහඩව ඔහු දෙස බැලූ සැරයන් වරයා....

"හරි සර් ගහගෙන යනවානම් ඒක කරන්න. මට තියෙන්නේ ගහගෙන යන්න නොවේ හිරවෙලා ඉන්න ප්‍රාණ ඇපකරුවෝ බේරගන්න එක. ඒක සර්  ගහගෙන යෑමට වඩා වෙනස් ක්‍රමයකට කරන්න ඕන එකක්".

ඔහු සිටිනා තත්වය ගැන අවබෝධයකින් සිටි කර්නල් විකුම් සිරිවර්ධන ඔහු ඉදිරිපත් කරණා තර්කයන් සාධාරන හා තාර්කික බැවින් සැරයන් චන්දන අමතා හරි සාජන් ..

"අවශ්‍ය මොනවා දැයි"

විමසුවේ තත්වය ගැන වූ අවබෝධය නිසා ඔහු එයට උපකාර කිරීමටය.

"සර් මට ඉස්සෙල්ලම එතන තත්වය රෙකී කරන්න යන්න ඕනේ. ඒවගේම මට ඒ ගොඩනැගිල්ලේ සැලැස්ම ඕනේ".

මේ අතර තුර කමාන්ඩෝ කණ්ඩායමේ ප්‍රමාදය නොඉවසුව එහි වූ නිළධාරියෙක් ගොඩනැගිල්ලට ඇතුළුවී ප්‍රහාරයක් දියත් කර ත්‍රස්තවාදින් විනාශ කිරිමට අවසර පතා එහි ඇතුල්වීමට උත්සාහ කලත් එහි වන සංකීර්ණ භාවය මත ඒ ගමන පලමු මහල වෙත ඇතුල් වීමෙන් නතරවී තිබුනි.

ඒ අනුව සිය සැලසුමේ පළමු පියවර ලෙස

ලුතිතන් ඉමදුවවිතානත් 

සැරයන් චන්දන වැදිසිංහ, කෝප්‍රල් සේනාරත්නත් එච්.පී. ත් ලබාදුන් ජීප් රථයේ නැගී ලේක්හවුස් ගොඩනැගිල්ල ආසන්නයට යාමට පිටත්වෙද්දී ඔවුන් සිතුවේ එයට ලඟාවිය නොහැකි වේයැයි කියාය. එසේ වුවත් ඔවුනට කිසිදු  කරදරයකින් තොරව ලේක්හවුස් ගොඩනැගිල්ලේ බිම් මහල, වෙත යෑමට හැකියාව ලැබිනි. එහි 

ඒවනවිට යුධ හමුදා භට කණ්ඩායම් එම මහලේ බලය තහවුරු කරගෙන තිබිනි. ගොඩනැගිල්ල සම්භන්ධයෙන් වගකිව යුත්තෙක් සොයා බැලුවේ ඒවන විටත් වසා තිබුන සමහරක් දොරවල් විවර කරගැනීමට අවශ්‍ය යතුරු ලබාගැනීමට හා එහි ගොඩනැගිලි සැලැස්මක් ලබා ගැනීමටයි. නමුත් අවාසනාවකට ඒ අවශ්‍යතාවයන් දෙකම සපුරාගත නොහැකිව හිස් අතින් ඒ වන විට එහි තත්වය පිළිබඳව දළ අදහසක් සහිතව ආපසු පැමිණි සැරයන් චන්දන එහි වත්මන් තත්වය හා ගොඩනැගිල්ලේ ස්වභාවය කඩදාසියක දල සටහනක් සේ ඇඳ පොලොවේ තබමින්  සියළු දෙනාට විස්තර කර නැවතත් ඇතුල් වීමේ සරඹ පුහුණුවක යෙදුනේ තවදුරටත් ඔවුනට  පිටු පසින් සවියක් වීමට කමාන්ඩෝ උසස් නිළධාරියෙකුගේ පැමිණීම නොමැති බව දැන ක්‍රියාන්විතය සිදුකිරිමට තම කණ්ඩායම හා යෑමේ බලාපොරත්තුවෙනි.

එසේ කිසිවෙකුත් නොමැති තැන ලුතිතන් ඉමදුව විතානව ආදේශක නිළධාරී වශයෙන් පසුපසින් තබාගෙන ස්නයිපර් වරයෙකු ලෙස ප්‍රාණ ඇපකරුවන් මුදවා ගැනීමේ කණ්ඩායමේ සිටි සැරයන් චන්දන සිය ස්නයිෆර් අවිය වෙන අයෙකුගේ අත තබමින් ඇසොල්ට් මන් වරයෙකු ලෙස වෙස් ගනිමින් ක්‍රියාන්විතයට එක්වන්නේ තම රෙජිමේන්තුවේ ගෞරවය රැක ගැනීම වෙනුවෙන් වූ අතර, සැඟවිම නොව නායකත්වය තම රෙජිමේන්තුවට සැපයීම අත්‍යවශ්‍ය බව හැඟුන නිසාය. ඔහුට ස්නයිෆර් අවිය තරමටම පිස්තෝල හා එච්.කේ.එම්.පී 5 ඒ 3 අවිය හුරු පුරුදුය. ඔහු අතිදක්ෂ පිස්තෝල හා රයිෆල් වෙඩි තබන්නෙකු වූ අතර, පිස්තෝල වෙඩි තැබීමේ යුධ හමුදා කණ්ඩායම නියෝජනය කරන්නා වු මේ සැරයන් වරයා ඒ අනුව ඔහුගේ නායකත්වයත් ජ්‍යේෂ්ඨත්වයත් පදනම් කරගෙන සැඟවී සිටීම (සැඟවුණු වෙඩි කරු ) වෙනුවට ක්‍රියාන්විතයට නායකත්වය දෙමින් ගලවා ගැනීමේ මෙහෙයුම සිදුකිරීමට තීරණය කරන ලදි. 

ඒ සඳහා කමාන්ඩෝ කණ්ඩායම් පරික්ෂා කරනා ගොඩනැගිල්ලේ කාමරවල ආරක්ෂාව තහවුරු කිරීමට පාබළ හමුදාවල සෙබළුන්ගේ සහය ඉල්ලුම් කලේ ඒ සඳහා ප්‍රමාණවත් කමාන්ඩෝ භටයින් පිරිසක් ක්‍රියාන්විතය සඳහා නොසිටි නිසාවෙනි. ඒ ඉල්ලිම ඉටුවූ අතර, ලුතිතන් කර්ණල් දීපාල් සුභසිංහ  ප්‍රමුඛව දාහත්වන ආරක්ෂක බළමුළුවේ සෙබළුන් කණ්ඩායමක් ඒ සඳහා යෙදවීමට ක්‍රියාන්විත මූළස්ථානයේ අනුමැතිය ලැබිනි.

මේ සිදුවීම් මෙසේ වන අතර තුර ගනේමුල්ල කදවුරේ සිට පැමිණි කමාන්ඩෝ ප්‍රාණා ඇපකරුවන් මුදවා ගැනීමේ කණ්ඩායම ලේක්හවුස් ගොඩනැගිල්ල ආසන්නයට ලඟාවූ අතර, ඒ සමග පැමිණි කපිතාන් චින්තක දිසානයක කෙලින්ම යුධ හමුදා මූළස්ථානයේ ක්‍රියාන්විත අධ්‍යක්ෂක වෙත ගමන් කලේ  නිළධාරියකු ලෙස මෙහෙයුම පිළිබඳව නිවැරදි  ඉදිරි උපදෙස් ලබාගැනීම ටය.

එහි සිටි ක්‍රියාන්විත අධ්‍යක්ෂක මේජර් ජෙනරාල් විජේසූරිය හමුවු කපිතාන් දිසානායක ගෙන් ඔහු විමසූ පළමු පැනය වූයේ

"කෝ උඹද මේ ඔපරේෂන් එක කරන්න ඉන්න එකම නිළධාරියා. කෝ උඹලගේ මහ එවුන් යන්නයි". 

"සර් මේ ට්‍රේනින් එක කරපු ගනේමුල්ලේ ඉන්න එකම ඔෆිසර් මම.:ඒකයි මම විතරක් ආවේ". 

ඔහු විමසු පැනය තේරුනත් එය නොතේරුන සේ පිලිතුරු ලබාදූන් කපිතාන් දිසානායක තම කණ්ඩායමට ක්‍රියාන්විතය සිදුකිරීමේ  අනුමැතිය ඉල්ලිය.

"උඹට මේක කරන්න පුළුවන් කියලා විශ්වාසද.? "

"ඔවු සර් මගේ කොල්ලෝ එක්ක මට මේක කරන්න පුළුවන් මට ක්ලියර් කරන කාමර සිකුවර් කරන්න බැකප් එකක් විදිහට ඉන්ප්‍රෙන්ට්‍රි කට්ටිය දෙන්න".

"මගේ ඉන්න කට්ටියගෙන් ඒක කරන්න අමාරුයි".

"හරි ඒක දැනටත් වෙලා තියෙන්නේ කර්නල් දීපාල් සුභසිංහ එතන ඉන්නවා එහෙනම් පරිස්සමින්".

ක්‍රියාන්විතය සඳහා අනුමැතිය ලද පසු කපිතාන් චින්තක දිසානායක පිම්මේ දිවයන්නේ තම කණ්ඩායම සිටින තැනටයි.  එසේ යන අතර මග ඒ ආසන්නයේ දියතලාවේ  සැඟවුන වෙඩිකරු පාඨමාළාව හදාරා පැමිණ සිටින එක්  කමාන්ඩෝ තරුණ නිළධාරියෙකු මුන ගැසෙන්නේය. ඔහු මේ සිදුවීම ආරංවී වීමෙන් පසුව ඒඅසලට පැමිණි කිරිබත්ගොඩ ප්‍රදේශයේ පදිංචි එවකට ලුතිතන් නිළයේ සිටි වර්ථමානයේ ප්‍රභු ආරක්ෂක රාජකාරියේ නිරතව සිටින කිර්තිමත් සිය නම ප්‍රකාශ කිරිමට අකමැති දක්ෂ ජ්‍යේෂ්ඨ නිළධාරියෙකි. කපිතාන් දිසානායක ඔහු හට සැඟවුන වෙඩික්කරුවන් ස්ථානගත කිරීම භාර කරන්නේ මෙවන් ක්‍රියාන්විතයක සැඟවුන වෙඩික්කරුවන්ගේ මෙහෙය අති විශාල බව දන්නා නිසාවෙනි.

ඒ අනුව මේ නිළධාරියා සිය කණ්ඩායමේ අවශ්‍යතාවයට අනුව සැඟවුන වෙඩික් කරුවන් තැන් තුනක ස්ථාන ගත කරන්නේය. එයින් සැඟවුන වෙඩිකරුවන් දෙදෙනෙකු ලේක් හවුස් ගොඩනැගිල්ල හොඳීන් පෙනෙන සීමාවේ වන හතර මන් හන්දියේ රීගල් සිනමා හලට ඉදිරියෙන් වන පොත් සාප්පුවේ ඉහල මාලයේ වර්ථමානයේ මේජර් වරයෙකුවන එකල කෝප්‍රල් නිලයේ සිටි ප්‍රදීප් කුමාර හා ඔහුගේ සහයකයා ස්ථාන ගත කරන්නේ ඉදිරි පස වන ජනේල හා දොරවල් හොඳීන් විමසිලිමත්වබලාසිටින්නට උපදෙස් ලබා දෙමින්ය.

මේ වනවිට ප්‍රාන ඇපකරුවන් මුදවා ගැනීමේ ප්‍රහාරක කණ්ඩායම සැරයන් චන්දන වැදිසිංහ සමග පියගැටපෙල නැග ගොස් පලමු මහලේ සිටි මහළු ආරක්ෂක නිළධාරියා හා ඇතුලත තත්වය සාකච්චා කරමින් සිටියදී එතැනට කපිතාන් චින්තක දිසානායක හතිහලමින් දිව එන්නේය.

එය සැරයන් චන්දනට ගෙන දුන්නේ ඉමහත් සතුටක් සේම ප්‍රානවත් බවකි. දැන් තමාගේ නිළධාරියෙක් තමන් පසුපස සවියක්ව සිටියි. දැන් හමුවන ඕනෑම බාධකයක් බිඳගෙන  යෑමට කිනම් චකිතයක්ද නමුත් කපිතාන් චින්තක දිසානායකට පිටුපසින් ඒවන විටත් සවියක් වීමට කෙසේ වෙතත් උපදෙසක් ලබාගැනිමට කිසිවෙකුත් නොවිම ඔහු තම කනිෂ්ඨ සෙබළුන් හට පෙන්නන්න නොගොස් සිදුවන හොඳ හෝ නරක තම ආදරණීය රෙජීමේන්තුවේ නාමයෙන් සිය දෙවුර මතට ගනිමින් ඔවුන් මේ සඳහා දිරිමත් කරවිය.

නැවත කපිතාන්වරයා හා සැරයන් වරයා මෙම මෙහෙයුම සිදුකරන අන්දම කෙටියෙන් සාකච්චා කර එහි නිවැරදි වියයුතු තැන් සඳහා උපදෙස් දෙමින් පරිනත භාවයෙන් හා අත්දැකිමෙන් ඉදිරියෙන් සිටි සැරයන් චන්දනට මෙහෙයුම ක්‍රියාත්මක කරන්නට උපදෙස් දෙමින් ඔහු ගමන්ගන්නා පළමු අටදෙනාගේ කණ්ඩායමේ පළමු සිව්දෙනා පසුපසින් සැරයන්වරයා ලඟීන්ම සිටිමින් ගමන් ගන්නට විය.

මේ ක්‍රියාන්විතය ආරම්භ කරනා විට වේලාව 1330 පැය පසුවෙමින් තිබුනි.

මෙහෙයුම සඳහා ඉදිරියට ඇදෙන කමාන්ඩෝ භට කණ්ඩායම් දෙකෙන් පසුපස කණ්ඩායම සැරයන් නන්දන මෙහෙයවු අතර, ඔහුට පසුපසින් ලුතිතන් කර්ණල් දීපාල් සුභසිංහගේ දාහත්වන ආරක්ෂක බළමුළුව සිටි අතර,

මේ මොහොතේ යුධ හමුදා මුළස්ථානයට සාකච්චාවක් සඳහා පැමිණ සිටි විශේෂ බළකායේ එවකට මේජර් වරයෙකු වූ වර්ථමානයේ  විශ්‍රාමික බ්‍රේගෙඩියර් ජයන්ත රත්නායක යන නිළධාරිද ඔහුගේ සහයකයා සමග සිය පිස්තෝලයත් අතැතිව සිය සහෝදර රෙජිමේන්තුව වූ කමාන්ඩෝ රෙජිමේන්තුවේ ප්‍රාණ ඇපකරුවන් මුදවා ගැනීමේ කණ්ඩායමට ශක්‍තියක් වන්නට කමාන්ඩෝ භට කණ්ඩායමට පිටු පසින් ඔවුන් සමග මෙහෙයුම හා සම්භන්ධව ලේක්හවුස් ගොඩනැගිල්ල තුලට ගමන් ගන්න විය.

මේ අනුව මෙහි පහත නම් සඳහන් මෙරූන් හිස් වැස්ම පැළදි කමාන්ඩෝ භටයින් මේ ක්‍රියාන්විතය සඳහා සක්‍රීයව සහභාගි වූ අය  බව සඳහන් කරමි.

කපිතාන් චින්තක දිසානායක

ලුතිතන් ඉමදුවවිතාන

සැරයන් චන්දන වැදිසිංහ 

සැරයන් නන්දන

කෝප්‍රල් රත්නායක 

කෝප්‍රල් සරණපාල

කෝප්‍රල් සීලරත්න බංඩා

කෝප්‍රල් සේනාරත්න එච්.පී.

කෝප්‍රල් දිලිප් කුමාර

කෝප්‍රල් කහඳව

කෝප්‍රල් හපුආරච්චි

කෝප්‍රල් ප්‍රදීප් කුමාර

කෝප්‍රල් ගුනරත්න ඒ.කේ.ඩී.

කෝප්‍රල් ප්‍රියංකර 

කෝප්‍රල් සුදර්ශන 

කෝප්‍රල් ඇන්ඩර්සන්

කෝප්‍රල් ඉන්ද්‍රජිත් කුමාර

ලාන්ස් කෝප්‍රල් ප්‍රනාන්දු

ලාන්ස් කෝප්‍රල් හේමගේ

ලාන්ස් කෝප්‍රල් කුලරත්න

ලාන්ස් කෝප්‍රල් කළුපහන

ලාන්ස් කෝප්‍රල් වනිගසේකර

ලාන්ස් කෝප්‍රල් පිළවල

කෝප්‍රල් රම්බංඩා

කෝප්‍රල් සේනකුමාර

කෝප්‍රල් ජයකොඩි ඊ.ජේ.පී ආර්.

කෝප්‍රල් දයාරත්න...

සැඟවුන වෙඩිකරුවන්ගේ අවර්ණය මත ප්‍රහාරක ගලවා ගැනිමේ කණ්ඩායම ක්‍රමයෙන් මෙහෙයුම සඳහා ඉදිරියට කණ්ඩායම් දෙකක් වන ලෙස ගොඩනැගිල්ලට ඇතුල්වීම ආරම්භ කල අතර පළවන අටදෙනාගේ කණ්ඩායමේ...

කෝප්‍රල් සේනාරත්න එච්.පී.

කෝප්‍රල් හපුආරච්චි 

සැරයන් චන්දන වැදිසිංහ

කෝප්‍රල් ගුනරත්න ඒ.කේ.ඩී.

කෝප්‍රල් ඇන්ඩර්සන්

ලාන්ස් කෝප්‍රල් රංබන්ඩා

කෝප්‍රල් සුදර්ශන

කෝප්‍රල් පිළවල.

කෝප්‍රල් වනිගසිංහ. වූ අතර මෙහි සැරයන් චන්දන හා කෝප්‍රල් රම්බංඩා අතර කපිතාන් චින්තක,දිසානයක ගමන් ගන්නා ලදි.

එම කණ්ඩායමට පසුපසින් දෙවන අටදෙනාගේ කණ්ඩායම සැරයන් නන්දන සමග විය.

මෙහිදී ලුතිතන් කර්ණල් දීපාල් සුභසිංහ විසින් අත්පත් කරගෙන සිටින ප්‍රදේශයේ වන අවසන් සොල්දාදුවා සිටින ස්ථානය තෙක් ගමන් ගැනීමේදී දැනගත හැකිවූයේ ඉදිරියේ යම් තැනකින් නොනවත්වා ඉදිරියට ගමන් ගත නොහැකි ලෙසට ත්‍රස්තවාදින් ප්‍රහාර එල්ල කර තිබූ බවයි. තවද මුලින් ත්‍රස්තවාදින් දස දෙනෙකු පමණ සිටිනා බවට වූ උපකල්පනය බැහැර කරන්නට හැකිවුයේ ත්‍රස්තවාදින්ගේ ග්‍රහනයේ සිට උපක්‍රමිකව මිදි පලා පැමිණි ලේක් හවුස් සේවකයන්ගේ තොරතුරු නිසාවෙනි. ඒ අනුව එහි සිටින ත්‍රස්තවාදින් ගනන තුනක් බව සොයාගන්නා ලදි. සියළු ප්‍රණ ඇපකරුවන් මිදි පලා පැමිණ ඇතිබව තහවුරු නොවු තොරතුරු මත දැනගත්තත් තවත් කිසිවෙකු ත්‍රස්තවාදි ග්‍රහනයේ ඇතැයි සිතා ඉදිරි මෙහෙයුම ක්‍රියාත්මක විය.

මේ අනුව පාබල භට කණ්ඩායමේ අවසන් සෙබළගේ සිට ඉදිරියට මෙහෙයුම සිදුකෙරින

එක් පෙලක් ලෙස අඳුර අතරින් ඉදිරියට ගමන් කල මොවුන්ගේ ගමන ආරම්භයේම පළමු භාධකය හමුවිය පිවිසීමේ මාර්ගය දොරක් වසා  අඟුල්ලා තිබිනි. නැවත වතාවක් එය විවර කරගැනීමට එහි යතුර සොයාගැනීමට උත්සහ කලත් එය ව්‍යාර්ථවූ තැන දොර කඩා ඇතුල් වීමට තිරණය කෙරිනි. ඒ අනුව දොර විවරවන පැත්ත හා අනෙක් පැත්ත හොඳීන් ආවර්ණය වනසේ කණ්ඩායමේ සාමාජිකයන් යෙදවූයේ  ඇතුලතින් ප්‍රහාරයක් පැමිනිය හොත් එයට ප්‍රථිප්‍රහාර දෙමින් ඒ වෙත කඩා වැදීමටයි. ඒඅනුව කෝප්‍රල් ගුණරත්න හා කෝප්‍රල් වනිගසිංහ යන අය ඔවුන් රැගෙන ආ ස්වේජ් හැමර් නැමති සැහැල්ළු කුළුගෙඩියකින් දොරට අවම හානියක් වනසේ පහරදෙමින් දොර විවර කරගන්නා ලදි. මෙම ගමන බොහෝ පරිස්සමින් සේම අවදානයෙන් යුතුව කල යුතුදෙයක් වූයේ ඔවුන් යම් ප්‍රාණ ඇපකරුවෙකු හෝ කණ්ඩායමක් රඳවා තබාගෙන සිටීනම් ඔවුන් කිසිවෙකුට අනතුරක් නොවී මුදවාගත යුතු නිසාවෙනි. අතරින් පතර සමහරක් කාමර අඟුල්ලා තිබීම මත ඒවායේ දොරවල් කඩා ඇතුල පරික්ෂා කිරීමට සිදුවූ අතර බොහෝ කාමර හා ශාලවන් විවෘතව පැවති නිසා ඒවා පරික්ෂා කිරීම පහසුවිය. එසේ පැමිනෙන මගෙහි වූ ප්‍රධාන භාධකය වූයේ දැඩි අඳුරයි එම බාදාව  මගහැර ඉදිරියට යෑමට තරම් කමාන්ඩෝ කණ්ඩායම සතු විදුළි පන්දම් එලි ප්‍රමානවත් නොවුයේ ඒවනවිටත් ඔවුන් භාවිතාකරමින් තිබුනේ වර්ෂ එක්දහස් නවසිය අසුව වසරේ බ්‍රිතාන්‍ය එස්.ඒ.එස් භටයින් පැමින සිදුකල පුහුණුවේදි ලබාදුන් යල් පැනගිය ස්ට්‍රීම් ලයිට් විදුලි පන්දම්  බැවිනි. විදුලි ආරෝපනය රඳා නොපැවතීම මත බොහෝ ඉක්මනින් ඒවායේ ආලෝකය අඩුව යන ලදි.

කපිතාන් චින්තක දිසානායක මේ අපහසුව ඔහුගේ සහයට  පසුපසින් සිටි කර්ණල් දීපාල් සුභසිංහ හට පැවසු පසු සුළුවේලාවක් ඇතුලත යුධ හමුදා මුළස්ථානයෙන් විදුළි පන්දම් යම් ප්‍රමාණයක් රැගෙන විත් ලබාදෙන්නට විය. තමාලග සිටින සගයාගේ හුස්ම ගන්නා හඬ හැර වෙනත් හඬක් ඇසෙන්නේ නැත පිටුපසින් ආරක්ෂාව තහවුරු කිරිමට පැමිනෙමින් සිටිනා පාබළ සෙබලෙකුගේ හඬ නැගිමක් ශබ්දයක් වූ තැන සැරයන් චන්දන හඬ නොනැගෙන්න කරනා බැනිමක් හැර වෙනත් යමක් නැත. අඳුරු ශාලාවල සමහර මේස මත ඇති පරිඝනක ඒමොහොතේද ක්‍රියාත්මකව ඇති බැවින් එහි මොනිටරයෙන් පිටවන නිල්පැහැයට හුරු ආලෝකය ඒ ඉදිරිය ආලෝකවත් කරමින් පවති. හිටි හැටියේ තැනක මේසයේ ඇති දුරකථනය නාදවෙයි. මෙසේ පැයක පමණ කාළයක් තුල සියළු ශාලාවන් පරික්ෂා කරමින් එහි ආරක්ෂාවට සෙබළුන් යොදවමින් ගමන්ගත් මෙම කණ්ඩායම එක් තැනකදී අවර්ණය කල නොහැකි හා සැක සහිත තැන් බලා වෙඩි තබන්නට වුයේ ත්‍රස්තවාදින් එහි සැඟවී ඇතිබව සිතාය. සිවිලිමක් මතින් වූ හඬක් සමගම  ඒ සිවිලිම් වෙත වෙඩිතැබීමත් සමග සයිරන් හඬක් නොනවත්වා ක්‍රියාත්මක වුයෙන් කපිතාන් දිසානයක විසින් අනතුරක සේයාවක හැගීමෙන් සිය කණ්ඩායම කඩිනමින් පසුපසට ගන්නට සැරයන් චන්දනට උපදෙස් දෙන්න විය.

නොනවත්වා සයිරන් හඬ නාදවෙත්දී පිටුපසින් පැමිනි බෝම්බ නිශ්ක්‍රීය අංශයේ  නිළධාරියෙකු එයට කළබළ නොවන ලෙස පැවසුවේ ඔවුන් කල වෙඩි තැබීම මත එය ක්‍රියාත්මක වී ඇතිබව තේරුම් ගැනීම නිසාවෙනි.

මෙසේ ඉදිරියට පැමිණි කණ්ඩායම 

ඉහලට නැගීමට ඇති පඩිපෙලක් මතින් වහලය වෙත ලඟාවු අතර ඒ එන මගේහි  කිසිම විශේෂ සිදුවීමක් වාර්ථා නොවුන බැවින්  පිටිපසින් පැමිණෙමින් සිටි කන්ඩායම් නායකයා මෙහෙයුම පසුපස ක්‍රියාන්විත මුළස්ථානයට වාර්ථාකරමින් මෙහෙයුම ඔහුගේ අනසකට ගෙනතිබුනේ කපිතාන් චින්තක දිසානායකට ඔහු පසුපසින් ක්‍රියාන්විතයේ තත්වය වාර්ථාකිරිමට හෝ උපදෙසක් ලබාගැනීමට ඒහි තත්වය යුධ හමුදා මූලස්ථනය සමග  සංනිවේදනය කර ගැනීමට කිසිදු මඟක් නොමැති පසුබිමකය. සැබැවින්ම මේ ක්‍රියාන්විතයේ වගකීම හා පාලනය ගැනීමට ඒ මොහොත වනවිටත් ජ්‍යේෂ්ඨයෙක් එහි පැමින සිටියේ නැත.

මේ පරික්ෂා කිරිම සිදුකර අවසන් වනවිට වේලාව සවස 16 40 පමණ වී තිබු අතර දිවා ආහාරයත් පිපාසයට ජලයත් නොමැතිව වායුසමීකරණ ක්‍රියාවිරහිතව තිබූ ගොඩනැගිල්ලක බොහෝ සෙයින් වෙහෙසට පත්වී සිටි තම කණ්ඩායමට අවට ආරක්ෂාව තහවුරු වනසේ සෙබළුන් යොදවමින් කෙටි විවේකයක් ලබාදීමට කපිතාන් චින්තක දිසානායක හා සැරයන් චන්දන වැදිසිංහ තිරණය කරන ලදි.

මේ කෙටි විවේකය අතර තුර අවට පරික්ෂා කර බැලිමේදි මිළඟ ගොඩනැගිල්ල වෙත  මෙම ගොඩනැගිල්ලේ සිට වහලයෙන් සම්හන්ද වුන පාලමක් වී මුත් උඩ සිට පහලට කරනා පරික්ෂාවක් වෙනුවට පෙර පරිදිම පහල සිට ඉහල මාළය වෙත පරික්ෂා කරමින් පැමිණීමට තිරණය කලේ  ත්‍රස්ථවාදින් සිටීනම් ඔවුන් හට පලායෑමට ඇති ඉඩ අහුරමින් ඔවුන් එක් තැනක කොටුකර ගැනීමටය. සිතේ පවතින පීඩනය පිටකිරීමට දුම්වැටියක් පානය කිරීමට සිතා සිය බොඩි අමරය අතරින් ඇදසිටි කබායේ සාක්කුවේ වූ සිගරට් පැකට්ටුව ගෙන දුම් වැටියක් මුවෙහි රදවා එය දැල්වීමට ගිනිපෙට්ටියක් ඇත්තේ කාලඟ දැයි විමසද්දී ඔහු වෙත පැමිණි දාහත් වැනි ජාතික ආරක්ෂක බළමුළුවේ කෝප්‍රල් වරයකු වූ කෝප්‍රල් නිශාන්ත ඔහුට ගිනිපෙට්ටිය ලබා දෙමින් පැවසුවේ අසල කාමරයක අසාමන්‍ය ශබ්දයක් නැගෙනු ඇසුන බවයි. මේ කොප්‍රල් වරයා මෙයට පෙර හමුදා කන්ඩායම ගොඩනැගිල්ලට ඇතුල්වීමට යෑමේදි ත්‍රස්තවාදියෙකු කොලරයෙන් අල්ලා උඩට ඇදගැනීමට උත්සාහ කර තිබුනේ මේ කෝප්‍රල් වරයාව බවත් එහිදි ඔහුගේ බෙරේට් (හිස්වැස්ම) එම ස්ථානයේ වැටි ඇතිබව හරියටම තහවුරු නොවු කථාවලින් කියවිනි.

දල්වාගත් දුම් වැටිය උගුරු දෙක තුනක් පානය කර එය නිවා දමමින් නැගී සිටි කපිතාන් චින්තක දිසානායක සැරයන් චන්දන කැඳවීය.

විවේකය නිමාකරමින් සැරයන් චන්දන අමතමින් කෝප්‍රල් වරයා පැවසු දෙය ඔහුට දැනුවත් කරමින් ඒ ශබ්දය පැමිණෙන කාමරය පරික්ෂා කිරිමට කණ්ඩායමක්‌ සමග පැමිණෙන ලෙස දන්වන ලදි. 

මරණයේ හෝරාව පැමිණීම....

ඒ අනුව උඩින් පහලට පරික්ෂා කරමින් බැසීම වෙනුවට පහලින් එම කාමරය වෙත පිවිසීමට තිරණය විය. එම කාමරය දිගින් අඩි පහලවත් විස්සත් පමණ වූ අතර, පළලින් අඩි පහලවක් පමණ විය. එහි හරි මැදින් අඩි දෙකක පමණ පළලට ඉදිරියට විහිදුන පාරක් ඇති අතර, එය අවසානයේ ඉංග්‍රීසි ටී අක්ෂරයේ හැඩයට දෙපසට ගමන් කරයි. ඉතිරි සෑම තැනකම කාමරය පුරා වූයේ පැරණි පුවත් පත් ගොඩ ගසා ය. සෙමෙන් මේ වෙත ඇතුල් වූ මේ කණ්ඩඩායම ඉදිරියට යද්දී ටී අකුරේ වම් පැත්තෙ සිට තෙත පාසළකුණු දකුණු පසට ගොස් ඇති බවත් එය මෙයටසුළු මොහොතකට පෙර සටහන්වූ සළකුණුබවත් උකුසු ඇසකින් ආරක්ෂාකාරිව එයට ඇතුළුවූ කමාන්ඩෝ සෙබළුන් හට නිරීක්ශනය විය. ඒ වම් පස කෙලවර වූයේ නාන කාමරයේ සිට පිටතට ආ සළකුණුයි එහි දකුණු පස කෙලවරින් ඉහලට යන පඩිපෙලකින් පිටවිමේ දොරටුව පිහිටා ඇත. ඒ ඔවුන් පරික්ෂාකිරිම අවසන් කල වහලයට ලඟාවිය හැකි ස්ථානයයි එහි වන සැකසහිත බව නිසාම එම කාමරයට ඇතුල් විමත්  සමගම ඉහල වූ සිවිලිම් ඉලක්කකර වෙඩි තැබිම අරම්භ කලේ එක් සිවිලිමක ලෑල්ලක් අසාමන්‍ය ලෙස වෙනස්ව තිබුන බව දැකිමෙනුයි.

එසේ කිරීමට එක් හේතුවක් වූයේ රිවිරැස මෙහෙයුමේ වලීකාමම් මුදාගැනිමේ මෙහෙයුමේදී ත්‍රස්තවාදින් නිවෙස් වල වහලේ සිවිලිම අතර සැඟවී සිට අසුවීමේදී ඔවුන්ට එල්ල කල ප්‍රහාරයේ අත්දැකීම්ද ප්‍රයෝජනයට ගෙනයි.

එහිදී....

ඉදිරියේ සිටි සිව් දෙනාගේ වෙඩි තැබීම සමග හෙන හඬක් නංවමින් පිපිරීමක් සිදුවු අතර, කැබළිවී ගිය මස් වැදලි සමග තදින් මොනවාදෝ  සැරයන් චන්දනගේ හා අනෙක් අයගේ වැදෙමින් ඔවුන් පසුපසට තල්ළුවී  වීසිවි යන ලදින් ඇතිවූ කම්පනය සමග කණ්ඩායම සමග පසුපසට පැමිනීමට සැරසෙද්දී අයෙක් මුනින් අතට වැටි තිබෙනු සැරයන් චන්දන දුමාරය හා දුහුවිල්ලත් වෙඩිබෙහෙත් වලින් පිළිස්සුන රුධිරය මුසු මස් ගඳ සමග දකින්නේය.

වෙඩිතැබීමත් සමග ඇතිවු පිපිරිමේදි කපිතාන් චින්තක දිසානායකට ඉදිරියෙන් ශබ්දය නිරික්ෂනය කල ජාතික ආරක්ෂක බළමුළුවේ සෙනියා ඇදවැටෙනුත් ඒ සමගම බොරළුකැට අහුරක් වදින සේ මුහුන හා පැලද සිටි බොඩි ආමර් එක පුරාවට තදින් යමක් වැදෙනුත් ඒ සමගම දන බිමගැසි ඉන්දවෙනුත් කපිතාන් දිසානායකට මතකය. ඔහු සිය මුහුන අතගා බැලිමේදි රුධිරය අත්ල මත තැවරෙනු සීතලට දැනෙත්දී නැවත අවියට බරදි නැගිසිටීමට උත්සාහ කරත් ඔහු සිහිසුන්ව පොලොව මතට ඇදවැටෙන්නෙය. පළමුව ඇදවැටි සිටි  සෙබළාගේ සිරුරට උඩින් පැන එන සැරයන් චන්දන සිය විධායක අධිකාරිවරයා ඇදවැටෙනු දැක කෑගසමින් තුවාලකරුවන් පසුපසට ගන්නට අනෙක් අයට කියමින්ම කපිතාන් දිසානායකගේ කමිස කොලරයෙන් අල්ලාගෙන ඔහුවත් බිම දිගේ ඇදගෙන පසුපසට එන්නේය.

එහිදි කපිතාන් චින්තක දිසානායක  හා ලාන්ස් කෝප්‍රල් රම්බංඩා තුවාල ලබා සිටි අතර, දාහත්වන ආරක්ෂක බළ මුළුවේ කෝප්‍රල් නිශාන්ත යන අය බරපතල ලෙස තුවාල ලබා එම ස්ථානයේම  මියගොස් සිටින ලදි.

ඉතිරි ත්‍රස්තවාදින්ද මෙහි සැඟවී ඇතිබව දැන් හොදාකාරවම පැහැදිලිය. ඉදිරියෙන් ඇසෙනා කෙඳිරි ගෑම තවත් ත්‍රස්තයෙකු තුවාල  ලබා ඇති බවට සළකුනකි.

නැවත වතාවක් පසුපසට ගත් සිය කාණ්ඩායම සංවිධානය කල සැරයන් චන්දන කෝප්‍රල් ගුනරත්න හා හපුආරච්චිට සිවිලින් ඉලක්ක කර වෙඩි තබන්නට උපදෙස් දෙමින් ඇන්ඩර්සන් වනිගසිංහ හා සැරයන් චන්දනත් අනෙක් අයවළුනුත් වෙඩි කෝණයන් එකි නෙකට අවර්ණය වනසේ දෙපසට වෙඩිතබමින් ඉදිරියට අවසන ප්‍රහාරය දියත් කරමින් ගමන්ගනිද්දී දෙවන ත්‍රස්තවාදියාද සිය මරාගෙන මැරෙන බෝම්බ කට්ටලය වෙඩිකාගෙනම පුපුරවා ගන්නා ලදි. තවත් ත්‍රස්තවාදියෙකු හිසට වැදුන වෙඩිප්‍රහරයන් සමග සැගවි සිටි අල්මාරියේ දොරත් කඩගෙන පිටතට ඇද වැටිනි. ඔහුද මරාගෙන මැරෙන බෝම්බ කට්ටලයක් පැලඳ සිටියද එය පුපුරවා ගන්නට පෙර ඔහු වෙඩි වැදි මියගොස් තිබුනි.

මේ වන විට එහිසිටි ත්‍රස්තවාදින් ඔවුන්ගේ අවසාන හෝරාව එළඹ ඇතිබව හොඳීන්ම දැන සිටින්නට ඇත. අවසාන ප්‍රහාරය දියත් කිරිමට කළු පැහැති ඇදුමින් සැරසී ගොඩනැගිල්ලට ඇතුල්වන්නේ කවුදැයි එම ත්‍රස්තවාදින් හොඳාකාරවම දැනසිටින්නට ඇත. පසුව එම ත්‍රස්තයන් මරාගෙන මැරෙන බෝම්බ කට්ටලයන් පුපුරවාගත් තැන් පරික්ෂාවට ගිය එම මෙහෙයුමට සැබෑ නායකත්වය දුන් මේජර් චින්තක දිසානයක පැවසුවේ ඒ පිපිරිමෙන් විසුරුන පෙලට්ස් (යකඩ බෝල) ඔවුන් සැඟවි සිටි තැන්වල බිත්තියට මිස ඉදිරියට එන හමුදා කණ්ඩායම ඉලක්ක කර පුපුරවාගෙන නොතිබූ බවයි.

මෙහිදී ත්‍රස්ථවාදින් සතුව තිබුන T56 අවියක්.T81අවියක් හා 40mm ග්‍රෙනේඩ් ලෝන්චර් එකක්  ගුවන් විදුලි පනිවිඩ හුවමාරු යන්ත්‍රයක් හා ඔවුන් සතුව තිබු තවත් උපකරන තොගයක් කමාන්ඩෝ සෙබළුන් අත්පත් කරගන්නේය.

මේ හෙලිදරව්ව මෙසේ කරනුයේ ඒ ගොඩනැගිල්ල මුදවා ගැනිමේ කණ්ඩායමේ විරත්වය දක්ෂතාවය පහත හෙලා කතා ලිවිමට නොව. අඩු පහසුකම් බාහිරින් එල්ලවන අනවශ්‍ය පීඩනය සමඟ  ඔවුන් කල මෙහෙය අති විශිෂ්ඨවූ එකක් බව පැවසීමටය.

ත්‍රස්තවාදින් සියළු දෙනා මියගොස් ඇතිබව තහවුරු වීමෙන් පසුව ලේක් හවුස් ගොඩනැගිල්ල පරික්ෂාකිරිම හා බොම්බ

 ඇතිනම් නිශ්ක්‍රීය කිරීම කර්නල් දීපාල් සුභසිංහ

 සමග සිටිනා කණ්ඩායම භාරගන්නා අතර මේ කමාන්ඩෝ භටයින් නැවත ලේක්හවුස්

ගොඩනැගිල්ලේ ප්‍රධාන දොරටුව වෙත සවස 1730 පැයට පමණ පැමිනෙන්නේය.

එසේ ඉතාමත් වෙහෙසව

 පැමිණ එහිවූ පඩිපෙල මත

වාඩිවෙද්දී පියගැට පෙල

නැගගෙන එන මාධ්‍වේදීන් පිරිසක් ඔවුන්ගෙන්

විස්තර විමසන අතර

චායාරූප ලබාගැනීමට උත්සාහ කරන්නේය. සියළු දෙනාවෙත සිය මුහුණු ආවර්ණය කරගැනීමට බැරක්ලව (මුහුණු ආවර්ණය) පහත හෙලිමට උපදෙස් දෙන ඒ මොහොතේ ක්‍රියාන්විතයේ සිටි ජ්‍යේෂ්ඨයා ඔවුන් වෙත ගොස් බොහෝ කරුණිකව

"අපිට මේ වෙලාවේ ජනමධ්‍යට කථා කරන්න බෑ අපේ කවුරුවත් නිළධාරියෙක් න

ඔහුට කියන්න ලැබෙන්නේ එපමණයි. එහි සිටි එක් ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදියෙක් කෑගසමින්.

තමුසෙලා කොහොමද එහෙම කියන්නේ අපි

 මෙතනට ආවේ නිකන් නෙවේ  තමුසෙලාගේ       හමුදාපතිගේ අවසරයෙන්"..

සැරයන් චන්දන ඔහුවෙත එලියට ඇදගත් පිස්තෝලය සමග ගොස් ඔහුගේ හිසට පිස්තෝලය තබා තදින් පසුපසට තල්ලු කර දැමුවේ ටිකක් තද වචනයක් පවසමිනි.

අද...

සැරයන් චන්දනගේ ප්‍රකාශය :-

"සර් මම එදා එහෙම නොකලා නම් පත්තර වල තරඟයේ වීරයා වෙන්නේ මම. කමාන්ඩෝ එක ගැන ඔයිට වඩා දේවල් එහෙනම් ලියවෙනව. ඒත් මම

 හිතුවේ නිළධාරියෙක් නැති තැන අපි එහෙම කථා කරන එක හොඳ නෑ කියලයි".

නැවත අතිතයට...

ඒ අවස්ථාවේ එතනට පැමිනි මේජර් එස්.ඒ.ආර් .විජේපාල නිළධාරී ..

"වෙල්ඩන් කමාන්ඩෝ නියමයි.."

යැයි පවසමින් මාධ්‍යවේදින් වෙතට ගොස් එයාලා මහන්සි වෙලා ඉන්නේ දැන් කතා කරන්න අපහසුයි. පවසා ඔවුන් සැවොම පසෙකට කැඳවා ගෙන ගියේ

"සාජන් කට්ටිය අරන් ආමි ග්‍රවුන්ඩ් එකට යන්නයි පවසමිනි".

ඒ අවස්ථාවේ පළමු මහලේ කාමරයක කර්නල් සමන්ත සුරියබංඩාර මහතා පැමින

 සිටිනු කිහිප දෙනෙක් දකින්නේය.

හමුදා ක්‍රීඩා පිටියට එක්‍ රැස්වන මේ කමාන්ඩෝ කණ්ඩායමට මෙම

 ජ්‍යේෂ්ඨ නිළධාරින් දෙදෙනා ස්තුතිකරමින් ඔවුන් අගයකරමින් කතාවක් පවත්වන මේ නිළධාරින් දෙදෙනා ඔවුන් 

හට ක්‍රියාන්විතය 

සාර්ථකව කිරීම පිළිබඳව ස්තුතිය පළකර ලබාදෙන ලද වාහන වලින් කටුනායක හා ගනේමුල්ල වෙත පිටත් කර හරින්නේය.

පසු කලෙක මේ ක්‍රියාන්විතය සඳහා වෙනත්  නිළධාරියෙකු "රණශූර පදක්කම" පළඳීද්දී එයට සත්‍යලෙසම සක්‍රීයව සහභාගීවු  කමාන්ඩෝ නිළධාරියා හා සෙසු නිළයන් කිසිවකුට පදක්කමක් සඳහා නිර්දේශ ඉදිරිපත්  නොවන්නේ ඒවා කමාන්ඩෝ භටයකුගේ කාර්යක් යන පුහු තර්කය සමගය.

පසු සටහන....

ඇමරිකා එක්සත් ජනපද යේ නෞවුක හමුදාව යනු ලොව බලවත්ම හමුදා සේනාංකයයි එහි පාබළ, ගුවන් හා නෞවුක බළය සහ න්‍යෂ්ටික බළය සහිත හමුදා ශක්තිය ඉහලම තලයක තියන තැනකි. එහි හමුදාපති යනු අතිශය ඇමරිකානු පක්ෂපාති ජනාධිපතිගේ විශ්වාසය දිනු කෙනෙකුට හිමි වන තනතුරකි..

වර්ෂ 1992.දි එහි නෞවුක හමුදාපති ලෙස පත්වුන අද්මිරාල් ජෙරමි මයික් බෝඩාර් සාමාන්‍ය සෙබළෙකු ලෙස නාවුක හමුදාවට එක්ව එහි ඉහලම නිළයට පත්වූ එක්සත් ජනපදයේ පළමු හමුදා නිළධාරියාය.

රටකට එරෙහිව සිදුකරන සටනකදි හිමි ගන්වන ...

වීයට්නාම් වෝර් වෙටරන් නැමති වීර පදක්කමට හිමි රිබන් දෙකක් හා එයට පින් කරනා (VALOR) නම් ඉංග්‍රීසි වී අක්ෂරය පළඳීන්නේය.

සැබැවින්ම ඔහු එම සටනට යුධ නැවක සිටිමින් සටන් පෙරමුනට ගියත් ඔහුගේ නෞකාව එහි ලඟාවීමට පෙර යුද්ධය නිමාවීම මත සිය නෞකාව ආපසු හරවන්නේය. ඔහු සිතා සිටියේ එම පදක්කම ඔහුට හිමි බව වුවත් යුධ පෙරමුණේ නොසිටි ඔහු ඒ පදක්කමට නුසුදුසු බව ඇමරිකාවේ එක් මාධ්‍යවේදියෙකු සොයා ගන්නේය.

ධවළ මංදීරයේ ජනාධිපති බිල් ක්ලින්ටන් ඉදිරියේ පැවැත්වෙන දිවා භෝජන සංග්‍රාහයකදී එම මධ්‍යවේදියා ඒ පිළිබදවත් ඔහුට විරුද්ධව ඉදිරිපත්වී ඇති ලිංගික අපයෝජනයක් පිළිබදව ප්‍රශ්න කරන්නේය.

එහිදී ඇතිවූ ලැජ්ජාව මත දිවා භෝජන සංග්‍රහයටද නොසිට මධ්‍යහන 1230 ඔහු ධවළ මංදිරයෙන් පිටත්වී නෞවුක හමුදා මුළස්ථානයේ ඔහුගේ නිළ නිවාසයට යන්නේය.

පස්වරු 1430 පැයට ඔහුගේ නිළ නිවාසය දෙසින් වෙඩි හඩක් ඇසීම මත එය පරික්ෂාකර බැලිමේදී අද්මිරාල් බෝඩාර් ඔහුගේ පිස්තෝලයෙන් සිය පපුවට වෙඩි තබාගෙන මියගොස් ඇතිබව දකින්නේය.

එය පරික්ෂාවට ගිය අය ඔහුගේ සිරුර අසල ඔහුගේ අත් අකුරින් ලියු ලිපි දෙකක් සොයාගන්නා අතර එහි ඔහු නොදැන පැළඳගෙන සිටි පදක්කම ගැන විමසීමේදි ඇතිවු ලැජ්ජාව ගැන සඳහන් කර තිබු බව දැනගන්නට ලැබිනි.

පසුව ඒ ප්‍රශ්න කිරීම පිළිබඳව ඇමරීකානු ජනයා අතර මහත් ආන්දෝළනයක් ඇතිවූවත් ඒ පිළිබඳව අප කළබල විය යුතු නැත්තේ එවන් ප්‍රශ්න කිරිම් මෙහිදී  කලහොත් ත්‍රිවිධ හමුදා සංචිතයේ ඇති පතුරම් සියදිවි නසාගැනීම් සඳහා ප්‍රමාණවත් නොවන නිසාය.

ස්තුතිය..

මේ සඳහා අනුශාසකත්වය ලබාදෙමින්

ලිපිය නිවැරදිව සකසා ගැනීම සඳහා පුවත් පත්වල කොටස් හා ක්‍රියාන්විතයෙන් පසු එහි සාමාජිකයන් ලබා දුන් තොරතුරු මගින් එම ක්‍රියාන්විතය පිළිබඳව සැඟවෙන  සත්‍ය මතුකිරීමට මා ගත් ගවේශනාත්මක උත්සාහයට සහය ලබාදෙමින් නිවැරදි හා සමබර මගෙහි මා පිහිටවූ

ගරු.

මේජර් ජෙනරාල් (විශ්‍රාමික) එස්.එම්.ඒ.ඩී රාජපක්ෂ.

කර්නල් සුජිත් ජයසේකර

මේජර් ජෙනරාල් (විශ්‍රාමික) ආර්.පී.ඩී.යු. රාජපක්ෂ.

කර්නල් (විශ්‍රාමික) ජනක රිටිගහපොල 

මේජර් (විශ්‍රාමික) චින්තක දිසානායක.

මේජර් ප්‍රදීප් කුමාර

යන නිළධාරි තුමන්ලාද.

බළලත් නිළධාරි I චන්දන වැදිසිංහ 

බළලත් නිලධාරි සේනාරත්න එච්.පී

මාන්ඩළික සැරයන් ගුනරත්න ඒ කේ.ඩී.

සැරයන් දිලිප් කුමාර.

සැරයන් කහඳව.

යන ක්‍රියාන්විතයට සත්‍ය වශයෙන්ම සහභාගිවුන හා මෙහි නම නොලියවුන සෙනින් හටද,

මෙම ලිපිය ලිවීමට මා පොලඹවන ලද ගරු මේජර් එස්.ඒ.ආර්. විජේපාල  නිළධාරි තුමන් හටද...

පුද කරමි.

මෙම ලිපියෙහි කතෘත්වය මා සතුබවත් මගේ අනුදැනුමින් හෝ අවසරයකින් තොරව මෙහි කොටස් හෝ චායාරූප උපුටා පලකිරීම තහනම් බවත් කාරුණිකව සළකන්න.

මෙහි සඳහන් විය යුතු  හෝ නිවැරදි විය යුතු තැනක් වේනම් මෙහි පහත අංකයන් අමතා මා දැනුවත් කරන්න. ඔබගේ අදහස් හා යෝහ්bජනා අගේකොට සලකන අතර මෙය කියවා රසවින්දේ නම් කමෙන්ට් එකකින් අග්නි පිටුව දිරිමත් කරන්න ස්තුතියි .

0773378256

0712232491

whatsapp 0773378256

Search This Blog

Followers